නිදහස් සෞඛ්‍යයේ සහ වෛද්‍යවරුන්ට අදාල ගැටලු විසදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට අසමත් වන්නේ නම් දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
2026 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා තුලින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසදුම් නොලැබීම නිසා වෛද්‍ය ප්‍රජාව තුල දැඩි නොසන්සුතාවයක් ඇති වී ඇත. මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලබා දුන් ලිඛිත එකගතාවය මත පැවති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තාවකාලිකව අප විසින් අත්හිටුවන ලදී.
එම ලිඛිත එකඟතා වනුයේ,
නමුත් අදාල සාකච්ඡා සිදු නොවීම සහ එකඟතා ඉටු නොවීම මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹිමට තීරණය කරන ලදී. ඒ අනුව අදාල කාලරාමුව තුලදි ගැටලු විසඳිමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වන්නේ නම් 2026.01.23 වැනි දින සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කරන ලදී.
වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සත්‍ය ගැටලු විසඳීම ආරම්භ කිරීම සඳහා තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ඒ පිළිබඳ සමස්ත වෛද්‍ය ප්‍රජාවේ අප්‍රසාදයත්, මහජනතාවගේ අප්‍රසාදයත් ඇති විම වැලැක්විය නොහැක. ඒ තුලින් සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය අර්බුදයක් පැන නැගීම සිදු වනු ඇත.
නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහාත්, වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සඳහාත් නිසි සාධාරණය ඉටු නොවන්නේ නම් ඊට එරෙහිව ගත හැකි උපරිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා එළඹිමටද අප පසුබට නොවන්නෙමු.
සබැඳි පුවත්
