නිදහස් සෞඛ්‍යයේ සහ වෛද්‍යවරුන්ට අදාල ගැටලු විසදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට අසමත් වන්නේ නම් දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
2026 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා තුලින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සැබෑ ගැටලු සඳහා විසදුම් නොලැබීම නිසා වෛද්‍ය ප්‍රජාව තුල දැඩි නොසන්සුතාවයක් ඇති වී ඇත. මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලබා දුන් ලිඛිත එකගතාවය මත පැවති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තාවකාලිකව අප විසින් අත්හිටුවන ලදී.
එම ලිඛිත එකඟතා වනුයේ,
- සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
- වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛයට අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳීම, අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම සහ පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳීම සඳහා 2026.01.05 දින සිට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම.
නමුත් අදාල සාකච්ඡා සිදු නොවීම සහ එකඟතා ඉටු නොවීම මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹිමට තීරණය කරන ලදී. ඒ අනුව අදාල කාලරාමුව තුලදි ගැටලු විසඳිමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වන්නේ නම් 2026.01.23 වැනි දින සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කරන ලදී.
වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ සත්‍ය ගැටලු විසඳීම ආරම්භ කිරීම සඳහා තවදුරටත් ප්‍රමාද වන්නේ නම් ඒ පිළිබඳ සමස්ත වෛද්‍ය ප්‍රජාවේ අප්‍රසාදයත්, මහජනතාවගේ අප්‍රසාදයත් ඇති විම වැලැක්විය නොහැක. ඒ තුලින් සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය අර්බුදයක් පැන නැගීම සිදු වනු ඇත.
නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහාත්, වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සඳහාත් නිසි සාධාරණය ඉටු නොවන්නේ නම් ඊට එරෙහිව ගත හැකි උපරිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා එළඹිමටද අප පසුබට නොවන්නෙමු.
සබැඳි පුවත්
- වෛද්‍ය නිලධාරි සංගමය වර්ජනයකට සැරසෙයි
- “දැයක් සුවපත් කළ සියවසක්” - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියවස් සැමරුම 1926 – 2026
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට රතු එලි
- රජය ලබා දුන් එකඟතා නොසලකා හැරලා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
- වෛද්‍ය සංගමය විසඳුම් ඉල්ලා රජයට පැය 48ක කාලයක් දෙයි
- අයවැයෙන් සෞඛ්‍ය සේවයට අගතියක් වූ බවටරජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් චෝදනා
- වෛද්‍ය සංගමයෙන් ආණ්ඩුවට අයවැය යෝජනාවළියක් ඉදිරිපත් කරයි
- වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රමවත් කිරීමට අමාත්‍යවරයා පොරොන්දු වෙයි
- රෝගී සත්කාරක සේවා බිඳවැටීමේ අවධානමක - GMOA
- රෝහල් වර්ගීකරණයක් කර ගැටලු හඳුනාගෙන තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස GMOA රජයෙන් ඉල්ලයි
- වෛද්‍යවරුන් ස්ථානගත කිරීම අසාර්ථකයි - වෛද්‍යවරුන් රටට අහිමිවීමේ තර්ජනයක් - GMOA
- අධික වර්ෂාව නිසා හදිසි සෞඛ්‍ය ආපදාවකට GMOA විශේෂ දුරකතන අංකයක්
- GMOA වෛද්‍ය සභාවේ පත්කිරීම්වල වැරැද්දක් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දෙයි
- වෛද්‍ය සටනත් අත්හරී

