වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පරිපාලනය නිත්‍යානූකූලයිලූ - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පරිපාලනය නිත්‍යානූකූලයිලූ - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

“මාධ්‍ය  ඔස්සේ එල්ලකරන චෝදනා පදනම් විරහිතයි. මාලිගාවත්ත වකුගඩු රෝහලේ සියලු පරිපාලන කටයුතු නිත්‍යානුකූළව, සත්භාවයෙන් තමන් ඉටුකරද්දී ඇතැම් කණ්ඩායම් වැඩ වැරීම අසාධාරණයි” මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කියන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ), ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  

“මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යන්ෂවරයා ගැන නිසි පරීක්ෂණයක් පවත්වන්න නැතිනම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා”යැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චාල්ස් නුගවෙල මහතා කරුණු පැහැදිලි කිරීමක් කර ඇත.

එම කරුණු පැහැදිලි කිරීම මෙසේය.

 “වකුගඩු රෝහලේ සේවය කරන විකිරණ ශීල්පීන් 2024.02.09 වනදින සිට පොරොත්තු රාජකාරීවලින් ඉවත්ව ඇත. ඒ අනූව සතියේ දිනවල පස්වරු හතරෙන්(04.00) පසුව සහ සෙනසුරාදා  සහ ඉරිදා දිනවල දිවා පැය දොලහෙන්(12.00)  පසුව සේවයේ නොයෙදෙන බව දන්වා ඇත.ඊට ආන්නතම හේතුව වූයේ 2024.01.20 දින රාත්‍රී හදිසි එක්ස් රේ (X-Ray) පරීක්ෂණයක් සදහා අදාළ නිලධාරීන් කැඳවීමේ දී පසුදින උදෑසනවන තුරුත් ඔවුන් නොපැමිණි බවට අදාළ විශේෂඥ වෛද්‍ය  නිලධාරී විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව මූළික විමර්ෂණයක් පවත්වන ලෙස මා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැන්වීමයි. මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව සිදුකල අතර රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා එම නිලධාරීන් සේවයේ නොයෙදෙන කාළ සීමාව තුළ රෝහල ආසන්නයේ ඇති පෞද්ගලික රෝහලක් වෙත රෝගීන් යොමු කර එක්රේ (X-Ray) ලබා ගැනීමත් අසාධ්‍ය රෝගීන් සදහා සුදුසුකම් ලත් විකිරණ ශීල්පීන් ගෙන්වා එක් රේ (X-Ray) ලබා ගැනීමත් සිදුකරන ලදී. විශේෂම කරුණ වන්නේ එසේ පැමිණෙන බාහිර නිලධාරීන් ස්වේච්ජා සේවාවක් ලෙස සේවය ලබා දුන් අතර ඔවුන්ට රෝහල පාර්ශවයෙන් කිසිදු ගෙවීමක් නොකිරීමයි. මෙම නිලධාරීන් පෞද්ගලික රෝහල් නියාමනය සදහා වන ජාත්‍යන්තර JCI ආයතනයේ පිළිගැනීමක් සහිත රෝහලක් මගින් යොමුකල ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය සුඳුසුකම් ලත් නිලධාරීන්ය.

වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන අවස්ථාවක රෝගීන්ගේ ජීවිතාරක්ෂාව පිළිබද පරිපාලනික වගකීම සහ ආරක්ෂාව සම්බන්ධ ආචාරධර්මවල වගකීමද මා වෙත පැවරේ. එබැවින් එම ක්‍රියාමාර්ගයේ වරදක් ඇත්නම් එ් වෙනුවෙන් පරීක්ෂණයක්කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීම කලහැකිය. ඒ වෙනුවට වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීම යම් කණ්ඩායමක් සිදුකරන්නේ නම්එය අසාධාරණ බව අවධාරණය කරමි.

සබැඳි පුවත්