රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය 21 වෙනිදා (හෙට) උදෑසන 8 ට ආරම්භ කිරීමට නියමිත පැය 24 ක සංකේත වර්ජන ක්‍රියාමාර්ගය අනිවාර්යෙන්ම සිදුවන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
මාළිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයේ රාජකාරිය ආවරණ කරන පුද්ගලයාගේ විනය විරෝධී සහ විෂමාචාරී ක්‍රියාවන්ට එරෙහිව මෙම වාදනය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන අතර සංගමය විසින් ඉල්ලා සිටියේ එම විෂමාචාරි ක්‍රියාවන් සම්බන්ධයෙන් ස්වාධීන විධිමත් පරීක්ෂණයක් එම පුද්ගලයා දැනට දරන තනතුරු වලින් සහ රෝහලෙන් තාවකාලිකව ඉවත් කිරීමෙන් අනතුරුව සිදු කරන ලෙසයි.
සබැඳි පුවත්
-
ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇණහිටී
-
සෞඛ්‍ය බලධාරින් විනය විරෝධී නිලධාරින් ආරක්ෂා කරනවාද? - වර්ජනයකට සූදානම් - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන්ගේ සංගමය
-
වකුගඩු රෝහලේ විකිරණ පරික්ෂණයට නුසුදුස්සෙක් - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය
මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග අද දහවල් 12 ට සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවට සම්බන්ධ වූ සියලු නිලධාරින් මෙම නීති විරෝධී හැසිරීම ගැටළු සහගත බව පිළිගත් නමුත් ගැටලුවට මැදිහත් වූ පුද්ගලයා විමර්ශනය සිදු කරන කාලය තුළ එම තනතුරු වලින් තාවකාලිකව ඉවත් කිරීමට තීරණයක් ගැනීමේ බලය ඔවුන් සතුව නොමැති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ යුතු බවත්ය. කෙසේ නමුත් ඉහත කී පුද්ගලයා විසින් වෛද්‍ය ආඥා පනත, විකිරණ ආරක්ෂණ පනත සහ පොදු දේපල පනත යන පනත් උල්ලංඝනය කර ඇති අතර රාජ්‍ය සේවය අපකීර්තියට ලක්වන ආකාරයෙන් කටයුතු කර ඇත.
මෙලෙස විශාල වැරදි ප්‍රමාණයක් සිදු කළ පුද්ගලයෙකුට එරෙහිව කටයුතු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පලකරන අතර තවදුරටත් මේ සම්බන්ධයෙන් විසඳීමක් ලබා නොදීම හේතුවෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ඒ ආකාරයෙන් පැවත්වීමට තාක්ෂණවේදීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කරන ලදී. අද දිනය තුළ මෙම ගැටලුව විසඳීමට අවශ්‍යය ලිඛිත එකඟතාවයන් ලබා දුනහොත් රෝගීන්ට සිදුවෙන අපහසුතාවය සලකා වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳව සලකා බලය හැකි බව තවදුරටත් සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත.

