ගාල්ල ජාතික රෝහලේත් විකිරණ ප්‍රතිකාර සේවාවත් සම්පූර්ණයෙන්ම බිදවැටේ

galle-national-hospital

ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර්  ප්‍රතිකාරක යන්ත්‍රය බිදවැටීම හේතුවෙන් අප්‍රේල් 08 වෙනිදා සිට ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර සේවාව සම්පූර්යෙන් නවතාදමා ඇත. මේ වන විට දිනකට රෝගීන් 75 ට වැඩි ප්‍රමාණයක ප්‍රතිකාර දෛනිකව සිදු කරමින් පැවතින. යන්ත්‍රය බිඳ වැටීම හේතුවෙන් එම සියලු රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් අතරමග නවතා දැමීමට සිදුවී ඇති බව වාර්ථා වේ.

 මෙම යන්ත්‍රය මගින් ගාල්ල ජාතික රෝහලේ පිලිකා රෝගීන්ට අමතරව  මාතර, හම්බන්තොට, කලුතර,රත්නපුර, ඇඹිලිපිටිය යන රෝහල් මගින් යොමු කරන රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් ලබාදීමද සිදුකෙරිණි. මේ හේතුවෙන් ප්‍රතිකාර ආරම්භ වූ සහ ප්‍රතිකාර සිදුකරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටී.

සබැඳි පුවත්

ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාරය දැනට ලංකාව තුල භාවිතාවන පිලිකා ප්‍රතිකාර සේවාවන් වලින් දියුණුතම ප්‍රතිකාරයකි.මාර්තු 31 වෙනිදා මඩකලපුව රෝහලේ යන්ත්‍ර බිදවැටීමෙන් පසු මෙම යන්ත්‍රය බිදවැටීමත් සමග මේ වනවිට රජයේ රෝහල් තුල පවතින යන්ත්‍ර 9 න් යන්ත්‍ර 2ක් බිදවැටුනු තත්වයට පත්ව ඇත. ඉතිරි යන්ත්‍ර 07, අපේක්‍ෂා රෝහල 04 ක්, මහනුවර ජාතික රෝහලෙහි 02 යාපනය ශික්ෂණ රෝහලෙහි 01 ලෙස ස්ථාපනය කර පවතී.

මෙම යන්ත්‍රය මගින් සිදුකර ප්‍රතිකාර සේවාව පුද්ගලික අංශයෙන් සිදුකර ගැනීම සදහා රුපියල් ලක්ශ 5 සිට 20 වඩා වැඩි මුදලක් වැය වීම සිදුවේ. එමෙන්ම මේ වනවිට ගාල්ල ජාතික රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා ලබාගැනීම සදහා මාස 2 කට වැඩි පොරොත්තු ලේඛණයක් පවතින අතර එම පොරොත්තු ලේඛනය තවදුරටත් අර්බුදයට ලක්වනු ඇත.

මෙම යන්ත්‍රය සම්බන්ධයෙන් ද මඩකලපුව රෝහලේ මෙන් අදාල සේවා සපයන සමාගම සේවා සැපයීමෙන් ඉවත්වීම හේතුවෙන් යන්ත්‍රය යථා තත්වයට පත්කිරීම ඇනහිට ඇත. මේ පිලිබදව සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලු සියළු වගකිව යුතු පාර්ශවයන් දැනුම්වත් කර ඇතත් මේ වනතුරු ප්‍රතිකාර සේවා යථාතත්වයට පත්කර නොමැත.