විශේෂ නිවේදනයක්: හෙද විදුහල් වලට  අභ්‍යාසලාභීන් තුන්දහසක් බඳවා ගැනීම  මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවයි

nurses-sri-lanka

මාර්ගගතව අයදුම් කිරීමේ   සබැඳිය සහ අදාළ විස්තර සහිත 2026.05.29 දිනැති ගැසට් පත්‍රය  (ජූනි 01) දින සිට www.health.gov.lk  වෙබ් අඩවියේ පල කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්  මහතා පවසයි.

2021,2022,2023,2024 යන වර්ෂවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව විෂයයන් හදාරා ගැසට් පත්‍රයේ සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකිකයින්ට  මේ සඳහා අයදුම් කල හැකිය.