නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් දශක දෙකකට වැඩි කාලයක් ජනමාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු කළ සම්පත් ජයලාල් මහතා අභාවප්‍රාප්ත විය.
මියයන විට ඒ මහතා 60 වැනි වියේ පසුවිය. ලංකාදීප, මොණරා, අද ඇතුළු පුවත්පත් වලද සිරස මාධ්‍ය ජාලයේද මාධ්‍යවේදිවෙකු ලෙස කටයුතු කළ සම්පත් ජයලාල් මහතා කතෘ සංසද ජනමාධ්‍ය සම්මාන උළෙලේදී සම්මානයටද පාත්‍රවූ අයෙකි.
සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නිරත වූවෙකු ලෙස ජනතා ප්‍රසාදයට පත්ව සිටි සම්පත් ජයලාල් මහතා මාස කිහිපයක් රෝගාතුරව සිටියේය.
සම්පත් ජයලාල් මහතා දෙදරු පියෙකි. ඔහුගේ පුතා මෙයට මාස 09 කට පෙර රිය අනතුරකින් මිය ගියේය. ජයලාල් මහතාගේ දේහල නුවරඑළිය හාවාඑළිය නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු 15 දින පස්වරුවේ නුවරඑළිය පොදු සුසානභූමියේදී සිදු කිරීමට නියමිතය.
| අසේල කුරුළුවංශ

