ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය පරිශීලනය කිරීමේදී, පාලකයන් විසින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා භාවිත කරන ලද උපායමාර්ගවලට වඩා, එකී සංශෝධනයන්හි අන්තර්ගතය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආණ්ඩුවල පැවැත්ම සහ ස්ථාවරත්වය තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය (MDDR) ලෙස අප දැඩි ලෙස අවධාරණය කරමු.
ව්‍යවස්ථා සංශෝධනයක් පිටුපස පවතින පාලකයන්ගේ පෞද්ගලික හෝ දේශපාලනික අරමුණු කවරක් වුවද, එහි අන්තර්ගතය මෙන්ම එය සම්මත කරගනු ලබන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී වන විට රට සහ ආණ්ඩුව ස්ථාවර වන බව ඉතිහාසය විසින් සනාථ කර ඇත. එම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන සෑම අවස්ථාවකදීම අදාළ ආණ්ඩු බිඳවැටීමට ලක්වීම අනිවාර්ය සාධකයක් වී තිබේ.
පසුගිය ව්‍යවස්ථා සංශෝධන දෙස බලන විට මෙය තහවුරු වේ:
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින 22 වන සංශෝධනය මෙන්ම ඉදිරියට ගෙන ඒමට නියමිත ඕනෑම ව්‍යවස්ථාමය සංශෝධනයක් සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය වන්නේ:
"දේශපාලන අභිමතාර් ථයන් උදෙසා කවර උපායමාර් ග භාවිත කළද, ව්‍යවස්ථා සංශෝධනයක අන්තර් ගතය සහ එකී ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිවලට අනුකූල වේ නම් පමණක් ආණ්ඩුවල පැවැත්ම සහ සුරක්ෂිතතාව තහවුරු වේ. එසේ නොවන සෑම අවස්ථාවකම එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුවල අනිවාර්ය බිඳවැටීමයි."
