ගුරු-විදුහල්පතිවරුන් 21 පාසල් එනවාද නැද්ද පස්සේ කියන්නම්

joshap-staling

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට පියවර ගැනීම වෙනුවට ඇතැම් ඇමැතිවරුන් ගුරු - විදුහල්පතිවරුන්ට තර්ජනය කිරීම් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සාධාරණ බව අගමැතිවරයා ප‍්‍රමුඛ ඇමැතිවරුන් බහුතරයක් පිළිගෙන ඇතැයි ද ඔහු කීය. එවැනි තත්ත්වයක තිබියදී ඇමැතිවරුන් කිහිප දෙනකු වෘත්තීය අරගලය විවේචනය කරමින් ගුරු - විදුහල්පතිවරුන්ට තර්ජන එල්ල කරන තත්ත්වයට පැමිණ ඇතැයි ද ඔහු පැවසීය.

එවැනි තර්ජනවලට බියක් නොදක්වන බවත් 21 වැනිදා පාසල් විවෘත කරන විට ගුරු විදුහල්පතිවරුන් සේවයට සහභාගි වනවාද නැද්ද යන්න ඉදිරි දිනකදී තීරණය කරන බවද ඔහු කීය. ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වී අද (15 දා) ට දින 95 ක් සම්පූර්ණ වේ.

(divaina)