අද දින දුම්රිය ගමන් 22ක් අවලංගුයි

අද දින දුම්රිය ගමන් 22ක් අවලංගුයි

අද (01) දින ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කිරීමට සිදුව ඇති බව, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා “වැඩබිම“ කළ විමසීමකදී පවසා සිටියේය.

දුම්රිය සේවකයින් සදහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේදි මතුව ඇති ගැටළු නිසා දුම්රිය සේවකයින් හට සේවයට පැමිණීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.