ගැබිණි හෙදියන් 25ට කොවිඩ්

ගැබිණි හෙදියන් 25ට කොවිඩ්

පවතින කොවිඩ් අවදානම යටතේ තමන් සේවයට කැඳවීම අවදානම් බව ගර්භණී හෙදියන් පවසයි.

 
ඔවුන් ඉල්ලා සිටින්නේ මේ වන විට සේවයේ නිරතව සිටින සියලුම ගර්භණී හෙද නිලධාරිනියන්ව සේවයට නොකැඳවා යම් සහනයක් ලබාදෙන ලෙසයි.
 
ඒ සම්බන්ධයෙන් අද (31) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනී වාසනා ලියනගේ මහත්මිය පැවසුවේ මේ වන විට ගර්භණී හෙදියන් 25කට ආසන්න පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.
 
ඇය මෙසේද කියා සිටියාය.
 
"ප්‍රතිශක්තිකරණය ඉතාම අඩු පිරිසක් තමයි ගර්භණී හෙද නිලධාරිනියන් කියන්නේ. එවැනි අවස්ථාවක කෙතරම් ආරක්ෂිත උපක්‍රම භාවිත කළත් ආසාදනයවීම රෝහලේ රාජකාරි කරන අවස්ථාවේදී වැළකිය නොහැකි අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. දැනට මගේ සහෝදර ගර්භණී හෙදියන් 25කට ආසන්න ප්‍රමාණයකට ආසාදනය වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හරියටම කියලා නෑ කොවිඩ් ආසාදනයෙන් කලලයට සිදුවන බලපෑම ගැන. ඉතින් එවැනි අවස්ථාවක අනාගතයටත් බලපෑමක් වෙනවා. ඉතින් මම ඉල්ලා සිටිනවා දැනට සේවයේ යෙදිලා සිටින සියලුම ගර්භණී නිලධාරිනියන්ට සේවයට නොකැඳවා සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරනවා."