සිසු හෙද - සම්මුඛ පරීක්ෂණ සැප්තැම්බර් 26 සෙනසුරාදා හා 27 ඉරිදා - මහනුවර , මාතලේ සහ නුවරඑළියේදී
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම 2023 කණ්ඩායමට අදාළව සම්මුඛ පරීක්ෂණ මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇරඹේ. මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලත් සියළුම අයඳුම්කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ සැප්තැම්බර් 26 වැනිදා (සෙනසුරාදා) සහ සැප්තැම්බර් 27 (ඉරිදා) යන දෙදින පෙ.ව. 8.30 සිට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වේ. එසේම මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සම්මුඛ පරීක්ෂණ සැප්තැම්බර් 26 වැනිදා (සෙනසුරාදා) සහ සැප්තැම්බර් 27 (ඉරිදා) යන දෙදින පෙ.ව. 8.30 සිට මහනුවර හෙද විදුහලේදී පැවැත්වේ.
2026 වසර තුල පමණක් මේ දක්වා සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සම්මුඛ පරීක්ෂණ ගාල්ල, ගම්පහ, කළුතර, කොළඹ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කවල පවත්වා ඇත. ඉදිරියටත් දිවයින පුරා දිස්ත්‍රික්කවලදී මෙම සම්මුඛ පරීක්ෂණ පැවත්වීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා පවසයි.
