ප්ලාස්ටික්, නවෝත්පාදන සහ පරිසර තිරසාරභාවය පිළිබඳ තෙවන ජාත්‍යන්තර සමූළුව (ICPIES 2026) පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකරාශී වෙයි.
කොළඹ, 2026 සැප්තැම්බර් 22 - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන තෙවන ජාත්‍යන්තර ප්ලාස්ටික්, නවෝත්පාදන සහ පාරිසරික තිරසාරභාවය පිළිබඳ සමළුව (ICPIES 2026) 2026 සැප්තැම්බර් 30 සහ ඔක්තෝබර් 1 යන දිනවල දී කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. මෙම සමුළුව සහභාගීත්ව සැසි සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දෙමුහුම් මාධ්‍යයෙන් පැවැත්වීමට නියමිත බැවින්, පර්යේෂකයන්ට එම ක්‍රම ද්විත්වය හරහා ම සහභාගීවීමේ හැකියාව පවතී.
පාරිසරික පද්ධතිවල ස්ථාවරත්වය සහ සමාජ යහපැවැත්ම උදෙසා පරිසර හිතකාමී නවෝත්පාදන, යන තේමාව යටතේ පැවැත්වෙන ICPIES 2026 සමුළුව සඳහා ප්ලාස්ටික් විද්‍යාව සහ තිරසාර විසඳුම් පිළිබඳ නව ප්‍රවණතා බෙදාහදා ගැනීම පිණිස පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, කර්මාන්ත ප්‍රධානීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ඒකරාශී වේ . ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ උපාය මාර්ග ප්‍රවර්ධනය කිරීම, චක්‍රීය ආර්ථික ප්‍රවේශයන් ශක්තිමත් කිරීම සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය හා අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම මෙහි අරමුණු වේ.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහභාගී වේ.
මෙම වැඩසටහන ප්‍රධාන අංශ tracks හතක් යටතේ ක්‍රියාත්මක වන අතර, ගොඩබිම් සහ සාගර පරිසර පද්ධතිවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශයේ සිට microplastic ප්‍රතිපත්ති හා පාලනය, කෘත්‍රිම බුද්ධිය AI මත පදනම් වූ පරිසර නිරීක්ෂණ සහ ප්ලාස්ටික්වලින් තොර සමාජයක් සඳහා ප්‍රජා සහභාගීත්වය දක්වා විවිධ ක්ෂේත්‍ර ආවරණය කරයි. තෝරාගත් පර්යේෂණ පත්‍රිකා දර්ශකගත indexed සඟරාවක ප්‍රකාශයට පත් කරන අතර, සෑම අංශයක් සඳහාම හොඳම පර්යේෂණ පත්‍රිකාවට සම්මාන ප්‍රදානය කෙරේ.
හවුල්කරුවන් සහ අනුග්‍රාහකයන්: සමළුවේ රන් අනුග්‍රාහකයා Gold Sponsor වශයෙන් INCEE ආයතනය කටයුතු කරන අතර, Commercial බැංකුව නිල බැංකු හවුල්කරු හා ප්ලැටිනම් අනුග්‍රාහකයා වේ Platinum Sponsor' ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය IESL මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය තාක්ෂණික අනුග්‍රාහකයන් වන අතර, නකල්ස් ව්‍යාපෘතිය Knuckles Project ජෛව විවිධත්ව හවුල්කරුවන් වේ.
ලියාපදිංචියථ සාමාන්‍ය ලියාපදිංචිය සැප්තැම්බර් 21 සිට 25 දක්වා සිදු කෙරෙන අතර, සබැඳි online පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්නන්ගේ presenter ලියාපදිංචිය සැප්තැම්බර් 25 දිනෙන් අවසන් වේ.
මාධ්‍ය සහ සාමාන්‍ය විමසීම්
■ ICPIE 2026 සමූළු කාර්යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
■ විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
■ දුරකථන +94702266421
■ ලිපිනය නාවල, නුගේගොඩ, ශ්‍රී ලංකාව
■ වෙබ් අඩවිය https://icpies.ou.ac.lk/
