අප්‍රේල් 28  මහා වැඩවර්ජනයට එක්වෙමු!

අප්‍රේල් 28  මහා වැඩවර්ජනයට එක්වෙමු!

2022 අප්‍රේල් 28 දින වැඩවර්නය සඳහා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් බෙදාහරින ලද පත්‍රිකාව.

ජනතා ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යැවීමට පෙළ ගැසෙමු!

ජනතාවට ව්‍යවසනයක් වූ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කරමු!

අප්‍රේල් 28  මහා වැඩවර්ජනයට එක්වෙමු!

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අප දුටු දීර්ඝතම හා බලවත්ම ජන අරගලය මේ වන විට දිග හැරෙමින් පවතී. වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසාවෙන් මේ වන විට රටේ ජන ජීවිතය මුළුමනින්ම ඇණහිට තිබීම මෙම අරගලයට හේතුවයි.

මෙම අරගලය හමුවේ ටික කලකට පෙර ලංකාවේ බිහි වූ ශක්තිමත්ම ආණ්ඩුව යැයි උදම් අනමින් සිටී පාලනය පරඬැල් මෙන් සැලෙන්නට වී ඇත. ආණ්ඩු පක්ෂය තුළම විවෘත බෙදීම් හට ගෙන ඇත. ආණ්ඩුව විසින් තම බංකොලොත්කමත්, නොහැකියාවත්, අසාර්ථකභාවයත් ඕනවටත් වඩා පෙන්වා ඇත.

ආණ්ඩුව විසින් ඇතිකළ මෙම ව්‍යසනයෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ වැඩකරන ජනතාවයි. කම්කරු පන්තියයි. පසුගිය කාලය තුළ ඔවුන්ගේ අදායම් අඩුවී ගොසිනි. එහෙත් වියදම නොසිතූ විරූ අන්දමින් ඉහළ ගොසිනි. 2022 වසරේ මුල් මාස තුනේ උද්ධමනය පිළිවෙළින් 16.8%, 17.5%, හා 21.5% වැනි සිතාගත නොහැකි ඉහළ මට්ටමකට ගමන්කොට ඇත. කිරිපිටි, සීනි, ගෑස්, ඉන්ධන, ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය විසින් ඔවුන්ව මහ මඟට ඇද දමා ඇත. ඔවුන්ට මහපාරේම අරගල කිරීම හැර වෙනත් විකල්පයක් නැති තත්ත්වයකට ඔවුන්ව පත්කොට ඇත.

එහෙත් මෙම ආණ්ඩුව මැති ඇමතිවරුන්ට සැප වාහන ගෙන්වීම සඳහා රු. බිලියන 3.7ක් පමණ වියදම් කළේය. සතොස සුදු ළූණු වංචාව, සීනි බදු වංචාව, ඇන්ටිජන් මගඩිය ආදී වශයෙන් පසුගිය කාලයේ සිදුවූ දූෂණ හා වංචා ලයිස්තුව අති විශාලය. මියන්මාරයෙන් ඩොලර් 340-350 අතර මිළකට අපනයනය කරන සහල් ශ්‍රී ලංකාව මිළදී ගෙන ඇත්තේ ඩොලර් 445කට බව වාර්තා විය. පැන්ඩෝරා පත්‍රිකා අනුව නිරූපමා රාජපක්ෂගේ සැමියාට 2011 වනවිට තිබී ඇති ඩොලර් මිලියන 160ක ධනය ගැන ආණ්ඩුව කටයුතු කරන්නේ ගොළුවා කසාය බිවූ ආකාරයටය. පසුගිය දිනක වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ රාජපක්ෂ පවුලේ අය විසින් ඩොලර් මිලියන 10,000කට අධික මුදලක් උගන්ඩාවේ ආයෝජනය කර ඇති බවකි. මේ අනුව ජනයා කුමන දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නත් පාලක නඩය හා ඔවුන්හේ සහචරයන් විසින් රටේ ධනය මංකොල්ල කෑම දිගින් දිගටම කරගෙන ගියේය.

මෙතරම් කෙටි කාලයක් තුළ ජනතාවට මෙතරම් එපා වූ ආණ්ඩුවක් 1948 න් පසු මෙරට තිබී නැත. ජීවත්වීමට ඇති මාර්ග අහුරමින්, ජනතාව මත තව තවත් බර පටවමින්, මහජන මුදල් නාස්ති කරමින්, තමන් හා තම සහචරයන්ගේ මඩිය තරකර ගන්නා මෙම පාලනය ඉවත් කළ යුතුමය. ඒ සමඟම මොවුන් වෙනුවට තවත් මෙවැනිම ජනතා ද්‍රෝහීන් රැළක් ජනතාව රවටමින් බලයට පැමිණීම වැළැක්වීමටද අප පියවර ගත යුතුය.

පාලනයේ සිටින ඔළුගෙඩි මාරු කිරීමන් පමණක් අද පවතින මෙම ව්‍යසනයට විසඳුමක් ලබාගත හැකි යයි සිතීම මුළාවකි. වර්තමානයේ සිටින බංකොලොත් පාලකයන් යනු මෙම ක්‍රමයේ නිර්මාණයන්ය. එම නිසා මෙම ක්‍රමය පවත්වා ගනිමින් ගෙන ඒමට යෝජනා කරන පැලැස්තරවලින් අද ජනයා මුහුණ දෙන බරපතල අර්බුදයට විසඳුමක් නොලැබෙනු ඇත. එම නිසා පවතින සමස්ත ක්‍රමය වෙනස් කිරීම අපගේ මූලික අරමුණ විය යුතු බව අපි යෝජනා කරමු.

අද වනවිට ආණ්ඩුවට ජනතා සහාය මුළුමණින්ම නැතුව ගොස් ඇතුවාක් මෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර සහායද නැතිව ගොස්ය. තීව්‍ර වන ජනතා අරගලය පාලනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව විසින් මර්ධනය යොදා ගනිමින් සිටින්නේ එහෙයිනි. 2022 අප්‍රේල් 21 දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් සන්නද්ධ හමුදාවලට රටේ දිස්ත්‍රික්ක 20ක මහජන සාමය පවත්වාගෙන යාමේ බලතල පවරා දී ඇත්තේද එම මර්ධනයේම කොටසක් ලෙසිනි. ජනතා අරගල මර්ධනයට රජය විසින් ගනු ලබන මෙම නිර්ලජ්ජිත හා පිළිකුල් සහගත පියවරයන් පරාජය කිරීමද මේ මොහොතේ අප සතු වගකීමකි.

එබැවින් වැඩ කරන ජනතාව ලෙස මේ මොහොතේ අප විසින් මෙම අසාර්ථක පාලකයින් ඉවත්කර ජනතා අපේක්‍ෂා ඉටු කළ හැකි ජනතා බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට බලකර සිටය යුතුය. පවතින සමාජ, ආර්ථික. දේශපාලන අර්බුද විසඳිය හැකි ක්‍රම වෙනසක් කරා රට ගෙනයාමට රටේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක ප්‍රජාව මෙහෙය වන අප්‍රේල් මස 28 දින වැඩ වර්ජනය සාර්ථක කරලීමට පෙළ ගැසෙන මෙන් ඔබ සැම වෙතින් සහෝදරාත්මකව ඉල්ලමු.

ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය

ලංකා බැංකු සේවක සංගමය

ලංකා ගුරු සංගමය

රජයේ එක්සත් කළමනාකාරන සහකාර  සංගමය

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය

ජනරජ සෞඛ්‍ය සේවා සංගමය

අන්තර් සමාගම් සේවක සංගමය

කම්කරු අරගල මධ්‍යස්ථානය

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය

ස්වාධීන වරාය සේවක සංගමය

ලංකා වතු සේවා සංගමය

ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය

රක්‍ෂණ සේවක එකමුතුව

නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානය

ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතිය

තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

වාණිජ හා කාර්මික සේවක සංගමය

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය

එක්සත් පොදු සේවක සංගමය

සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමය

ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

එක්සත් කම්කරු සම්මේලනය

ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය

ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය

සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරී සංගමය

එක්සත් ජාතික තැපැල් සේවක සංගමය

සමස්ථ ලංකා තැපැල් සහ විදුලි පණිවුඩ සේවක සංගමය

ශ්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තියවේදීන්ගේ සංගමය

ශ්‍රී ලංකා තැපැල් හා විදුලි පණිවුඩ පොදු සේවක සංගමය

ශ්‍රී ලංකා කණිෂ්ඨ පරීක්‍ෂක හා තැපැල් තේරීමේ නිලධාරී සංගමය

එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය

තැපැල් රියදුරු සංගමය

සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය

ලංකා තැපැල් සේවා සංගමය

ශ්‍රී ලංකා තැපැල් සේවක පෙරමුණ හා පොදු සේවා සංගමය

සමස්ත ලංකා තැපැල් සේවා සංගමය

ස්වාධීන තැපැල් නිලධාරී සංගමය

තැපැල් කණිෂ්ඨ සේවක සංගමය

තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන්ගේ එකමුතුව

ශ්‍රී ලංකා නිදහස් තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය

ශ්‍රී ලංකා නිදහස් රජයේ උප තැපැල් ස්ථානාධිපති සංගමය

සමස්ත ලංකා දෙමළ කතා කරන තැපැල් සේවක සංගමය

තැපැල් තාක්‍ෂණ නිලධාරී එකමුතුව

රාජ්‍ය සේවා කාර්මික වෘත්තීය සමිතිය

ශ්‍රී ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය

පොදු සේවක සංගමය

සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති එකමුතුව

ශ්‍රී ලංකා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ සංගමය

ශ්‍රී ලංකා ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන්ගේ සංගමය

ලංකා වැවිලි සේවා සංගමය

ජාතික පොදු සේවක සංගමය

තරුණ වෘත්තියවේදීන්ගේ සංගමය

විදුලි සංදේශ ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය

රජයේ කර්මාන්තශාලා සේවක සංගමය

එක්සත් පොදු සේවක සංගමය

ස්වාධීන තටාක සේවක සංගමය

කාර්මික නිලධාරීන්ගේ සංගමය

ස්වාධීන රියදුරු සංගමය -  වරාය

වරාය ලිපිකරු සංගමය - වරාය

සමස්ත ලංකා හාබර් ඩොක් කම්කරු සංගමය

විවිධ කාර්යය සහයක සංගමය

සමස්ත ගබඩා භාර කරුවන්ගේ වෘත්තීය සමිතිය

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සැලසුම් ලිපිකරුවන්ගේ සංගමය

ස්වාධීන සේවක කොන්ග්‍රසය

වරාය මුදල් කොට්ඨාශයේ ස්වාධීන සේවක සංගමය

එක්සත් සේවක සංගමය

ගොඩබෑමේ හා භාරදීමේ ලිපිකරු සංගමය

ටග් යාත්‍රා ස්වාධීන සේවක සංගමය

තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

දුම්රිය ශේණිගත වෘත්තිය සමිති එකමුතුව

ලංකා විදුලි පොදු සේවක සංගමය

ලංවීම නව සේවක සංගමය

ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය

ඒකාබද්ධ ගුරු සේවා සංගමය

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය

ඒකාබද්ධ ජල සම්පාදන සේවා සංගමය

පෞද්ගලික සේවක මධ්‍යස්ථානය

ගොවි හඩ ජාතික ව්‍යාපාරය

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය

පුනරුද ව්‍යාපාරය.

රජයේ කර්මාන්තශාලා යාන්ත්‍රික අධිකාරී සංගමය

නිමි භාණ්ඩ ඇගළුම් හා රෙදිපිළි සේවක සංගමය

ස්ටෑන්ඩඅප් සේවක සංගමය

සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය

රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ

වෘත්තීය සමිති සම්මේලනය

රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව

ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය

පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ජාතික එකමුතුව

ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය

රජයේ කළමනාකරණ සේවා නිලධාරී සංගමය

ලංකා වෘත්තීය සමිති සම්මේලනය

ජාතික වෘත්තීය සමිති පෙරමුණ

වැඩහල ලිපිකරු සංගමය

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය

සමගි සේවක සංගමය

ජාතික සේවක සංගමය

ජන බල පවුර

ජාතික ළමා රක්ෂක අධිකාරියේ සේවක සංගමය

සමස්ත ලංකා සංඛ්‍යාලේඛණ නිලධාරීන්ගේ සංගමය