දින 318 කට පසුව කොළඹ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය යලි ධාවනයේ

දින 318 කට පසුව කොළඹ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය යලි ධාවනයේ

කොවියිඩ්-19 වසංගත තත්ත්වය මත තාවකාලිකව 2021 මැයි මස 05 වන දින සිට නවතා දමා තිබූ රාත්රී තැපැල් දුම්රිය යලි නිදන මැදිරි හා තැපැල් මැදිරිය ද සහිතව යලි 2022 මාර්තු මස 19 වන දා සිට නැවත අඛණ්ඩව ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබෙන බව දුම් රිය ස්ථානාධිපති සංගමය විසින් නිවේදනය කර තිබේ.

සංගමය පෙන්වා දෙන පරිදි මෙම දුම්රිය ධාවනය නොවිම හේතුවෙන් තැපැල් කටයුතු වලට හා මල් ඇතුලු පාර්සල් ප්රවාහන කටයුතු බාධා මතුව තිබූ අතර යලි එම සේවාවන් ක්රියාත්මක වේ. එමෙන්ම පළමුවන පංතියේ ඇදන් සහිත නිදන මැදිරිය ඉවත් කොට ඒ වෙනුවෙන් පළමුවන පංතියේ ආසන යොදා ධාවනය කිරීමට පාලනාධිකාරිය සැලසුම් කල ද කෙසේ හෝ අවසානයේ ඇදන් සහිත නිදන මැදිරි සහිතව බදුල්ල කොළඹ රාත්රී තැපැල් දුම්රිය ධාවනයට එක් කොට ඇත.

තවමත් කොළඹ සිට ධාවන වන යාපනය ,තලෙයිමන්නාරම හා මඩකලපුව / ත්රිකුණාමලය රාත්රී තැපැල් දුම්රියයන් ධාවනය කිරීමට කටයුතු කිරිමට කටයුතු යොදා නැති අතර එම දුම්රියයන් ද කඩිනමින් ධාවනයට එකතු කරනු ඇතැයි අප අපේක්ෂා කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම හා ප්‍රකාශ කළේ.