වතුකරයේ කොවිඩ් වැළඳී මිය යන අයගේ දේහය අදාහනය කිරීමට රු. 40,000ක වියදමක් දැරීමට සිදුවෙලා

somasundaraum-sridaran

කොරෝනා වසංගතයට ගොදුරු වී මිය යන අයගේ අවසන් කටයුතු කිරීම සඳහා වතුකරයේ පවුල් වලට රුපියල් 40,000 ක් වැය කිරීමට සිදුවන වන බවත්, එය රජයෙන් දැරීමය කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ජාතික කම්කරු සංගමයේ නියෝජ්‍ය මූල්‍ය ලේකම් සෝමසුන්දරම් ශ්‍රීධරන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ (25) දින හැටන් හි ජාතික කම්කරු සංගමයේ පැවැති රැස්වීමකදීය.

සෝමසුන්දරම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, කොවිඩ් වැළඳී රෝහලේදී මියගිය අයගේ සිරුරු ආදාහනය කිරීම සඳහා මීනි පෙට්ටියට රු. 15,000/=ක්, ආදාහනය කිරීම සඳහා රු. 15,000/=ක්ද, දේහය ආදාහනය සඳහා ගෙන යාමට රු. 10,000/=ක්ද අය කරගන්නා බව පෙන්වා දුන් අතර, වතු කම්කරුවන්ට මෙම අවස්ථාවේ එම වියදම දැරීම වතු කම්කරුවන් හට කෙසේවත් දැරිය නොහැකි බව වැඩිදුරටත් පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කලේ කොවිඩ් වැළඳී මිය යන අයගේ දේහයන් රජයේ වියදමින් ආදාහනය කිරීම රජයේ වියදමින් කළ යුතු බව ඉල්ලීමක් කළේය.

මේ වන විට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් කිරීමේ පළමු අදියර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇති අතර, එම ස්ථානවල මෙම එන්නත ලබා දී ඇත්තේ මැතිවරණයට ලියාපදිංචි කිරීමේ පදනම මත ග්‍රාම නිලධාරි කොට්ඨාශ නම් ඇති අයට පමණක් බැවින් එම කොට්ඨාශ වල ගමන් සීමාවන් නිසා, පිටතට ගොස් ආපසු යාමට නොහැකි අයට එන්නත ලබා ගැනීමට නොහැකි වූ අවස්ථාවන් වාර්තා වී ඇති බවද වැඩිදුරටත් සඳහන් කලේය.

මෙම තත්ත්වයට අමතරව වැවිලි පරිපාලනය සහ එක්ව වතු කම්කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු අතර විෂබීජ නාශක ක්‍රියාවලිය සියලු වතුවලට ව්‍යාප්ත කළ යුතු බවත, මේ සඳහා පළාත් පාලන ආයතන පූර්ණ සහයෝගය ලබා දිය යුතු බව සෝමසුන්දරම් ශ්‍රීධරන් මහතා ඉල්ලීමක් කරන ලදි.