ඔබටත් 5000 දීමනාව අවශ්‍යද? විස්තර මෙන්න!

ඔබටත් 5000 දීමනාව අවශ්‍යද? විස්තර මෙන්න!

සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව යළි ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇත. එම දීමනාව ලබා දිය යුතු පිරිස් හඳුනාගෙන කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ජීවනෝපාය පිළිබඳ කමිටුවට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

දීමනාව ලබා දියයුතු පිරිස හඳුනා ගැනීමෙන් පසුව ලබා දෙන වාර්තාව පදනම්කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ තීරණය මෙම සති අන්තයේ ගැනීමට නියමිතව පවතින බව ඇමැති නාමල් රාජපක්ෂ ඇමැති මණ්ඩලයට දැනුම්දී තිබේ.