නිදහස් වෙළඳ කලාප සහ ඇඟලූම් කර්මාන්තශාලා වල සේවය කරන කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් විධිමත් කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත කටුනායක, ස්ත්‍රි මධ්‍යස්ථානය විසින් ලිපියක් යොමුකරමින් දැනුවත් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ
අප රට තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා තෙවන රැල්ලත් සමඟ, නිදහස් වෙළඳ කලාප සහ ඇඟලූම් කර්මාන්තශාලා වල සේවය කරන කම්කරුවන් අතරින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇත. කොරෝනා ආසාදිත කම්කරුවන් නිසි නිරෝධායන පිළිවෙත් වෙත යොමු නොකිරිම නිසා ඔවුන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර වල, බෝඩිං වල සහ රැකියා ස්ථානවල ද සේවය කරන අනිකුත් කම්කරුවන් ද ඉතාමත් පීඩාකාරී තත්ත්වයකට සහ වසංගතයට ගොදුරු වීමේ අනතුරුදායක තත්වයකට මුහුණ පා සිටී.
අප සංවිධානයේ ශාඛා නිලධාරීන් විසින් ඉදිරිපත් කල වාර්තාවට අනුව,
ඉහත තත්වයන් තුලදී වුවද තම වැටුප් කප්පාදු වේ යැයි සිතා සහ තමන් රැකියාවට නොගියහොත් එම දින ගණන තමන්ගේ නිවාඩු වලින් කපා දමනු ඇතැයි ඇතැම් කර්මාන්තශාලා වල සේවකයො බියට පත් වී සිටිති. ආසාදිත වූ බොහොමයක් දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙනගොස් නැත. එසේම එන්නත්කරණ වැඩසටහන් පිළිබඳව ද දැනුම් දී නැත. නේවාසිකාගාර තුළ දී කම්කරුවන් නිරෝධායනය වන විට එම ස්ථාන නිරෝධායනය සිදුවන ස්ථාන ලෙස හැඳින්වෙන දැන්වීම් අලවා නොමැති අතර, තමන්ව සහ අන් අයවද අනාරක්ෂිත තත්වයට පත්කරමින් සේවකයින් නවාතැන්වලින් පිටතට යාම සහ නැවතත් ඒවාට පැමිණීම සිදු කරයි. කම්කරුවන් නිවසේ /නේවාසකාගාර වල/බෝඩිං වල රැඳී සිටිය හොත් ඔවුන්ගේ වැටුප් කපා දැමෙන බැවින් ඔවුන් ඒවායේ රැඳී සිටීමට ද පසුබට වේ.. විශේෂයෙන්ම එකම බෝඩිම් කාමර වල ස්වයං නිරෝධායනයෙහි යෙදී සිටින සේවකයා තමන්ගේ කර්මාන්ත ශාලාවෙන් නොවේ නම්, කම්කරුවන් සුපුරුදු පරිදි දිගටම රැකියාවට යාම සිදුකරයි. මෙය ඉතාම භයානක තත්වයකි.
මෙවැනි තත්ත්වයක් තුළ දී ශ‍්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන මෙම කම්කරුවන්ගේ රැකියා සහ ජීවිත පිළිබඳව වගකීමක් අප සියලූ දෙනාටම ඇත. ඒ අනුව නිදහස් වෙළද කලාප සහ ඇගලූම් කර්මාන්ත ශාලා වල සේවය කරන කම්කරු කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ස්ථාපනය කරන ලද ප‍්‍රථම සහ පැරණිතම සංවිධානය වන අප ආයතනය විසින් පහත නිර්දේශයන් ඉදිරිපත් කරන්නෙමු.
1. නිදහස් වෙළද කලාප සහ ඇගලූම් කර්මාන්ත ශාලා වල සේවය කරන කම්කරුවන් සඳහා එන්නත්කරණය සිදුකිරීම.
2. ආයතන තුළ නිසි PCR ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් සියලූම කම්කරුවන් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීම.
3. ත්‍රෙපාර්ශවිය කාර්‍ය සාදක බලකාය හරහා යෝජනා කළ පරිදි සියලූම කර්මාන්තශාලා වල සෞඛ්‍ය කමිටු පිහිටුවීම සහ ඒවා හරහා සියලූම කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා වන වැඩපිළිවෙලවල් ක‍්‍රියාත්මක කිරීම.
4. නිදහස් වෙළඳ කලාප හා ඇඟලූම් කර්මාන්ත ශාලාවල සේවය කරන කම්කරුවන්ගේ කෝවිඩ් වෛරසය පැතිරීම සීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇති බැවින් ඔවුන් සේවයට කැඳවීමේදී නියමිත සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කරන ලෙස සහ නිසි නිරෝධායන පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීම.
5. නිරෝධානය වන කාලසීමාවන් තුළදී වැටුප් කප්පාදුවකින් තොරව සියලූම කම්කරුවන් සඳහා වැටුප් ගෙවීම.
6. වසංගතය හේතුවෙන් දැඩි ලෙස අනතුරුදායක තත්ත්වයකට පත් වී සිටින පුද්ගලික අංශයේ සේවය කරන ගර්භණී මවුවරුන් සඳහා වැටුප් සහිත නිවාඩු ක‍්‍රම ලබාදීම.
ඉහත නිර්දේශ සම්බන්ධයෙන් ඔබගේ කාරුණික අවධානය යොමුකර ඒ සඳහා අවශ්‍ය නිසි පියවර ගන්නා මෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
