සාකච්ඡා සාර්ථකයි -PHI වැඩවර්ජනය අත්හිටුවයි

සාකච්ඡා සාර්ථකයි -PHI වැඩවර්ජනය අත්හිටුවයි
බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන පරීක්ෂකවරුන් අද (මැයි 25) ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අත්හිටවූ බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කර තිබේ.
 
මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය  මහතා ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රීයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවය. 
 
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ දී සෞඛ්‍ය සේවයේ නියුතු සෙසු වෘත්තීන් අතහැර සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ කටයුතු කරන වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන්ට පමණක් ප්‍රමුඛත්වය දීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක  කිරීමට නියමිතව තිබුණි.
 

සෞඛ්‍ය අමාත්‍යවරිය සමග කළ සාකච්ඡාවේ දී අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට ද එන්නත් ලබාදීමට පොරොන්දු වීම හේතුවෙන් එම වර්ජනය අත්හිටුවීමට කටයුතු කළ බවයි එම්. බාලසූරිය මහතා  සඳහන් කළේ.