රුපියල් 5000 දීමනාව නැවතත් ලැබෙයි -එය ලැබෙන පිරිස් ගැන ඉඟියක්

රුපියල් 5000 දීමනාව නැවතත් ලැබෙයි -එය ලැබෙන පිරිස් ගැන ඉඟියක්

එළඹෙන සතියේ සිට යළිත් වරක් රුපියල් 5,000 දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ එම රු .5000 දීමනාව රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත ලබාදෙන බවයි.

අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට,

“දෛනිකව ජීවත්වීමට ඉපයීම් කරපු සියලුම දෙනාට, වෙනත් අදායම් නැති අයට, රජයේ සේවකයන් නොවන අයට රුපියල් 5000ක දීමනාවක් දීගෙන යනවා. ජල බිල්පතේ සහනයක් නෑ. සහනය තමයි ප්‍රමාද වී ගෙවන්න. හැමෝටම නෙමෙයි. කොවිඩ් ආසාදිතයෙක් නම් හෝ නිරෝධායනය වෙනවා නම් පමණක් බවයි".