වැටුප් රහිත නිවාඩු දමා විශේෂඥ වෛද්‍යවරුන් 57ක් එතෙර යන්න ඉල්ලයි

වැටුප් රහිත නිවාඩු දමා විශේෂඥ වෛද්‍යවරුන් 57ක් එතෙර යන්න ඉල්ලයි
විශේෂඥ වෛද්‍යවරුන්  පනස්හත්දෙනකු වසර පහක කාලයක් වැටුප් රහිත නිවාඩු මත රැකියා සඳහා එංගලන්තය යෑමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇත.
 
2022/14 චක්‍රලේඛයට අදාළව ඔවුන් මෙලෙස විදෙස්ගතවීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ප්‍රකාශ කර ඇත්තේ වරින් වර මෙලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වන බවයි.
 

වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ලෙස දැක්වුණු 60 සීමාව ඉවත් කිරීමට කටයුතු කිරීම තුළින් සෞඛ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රවලද, යම් යම් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.