රට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයි

රට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයි

රජයේ සහ රජයේ අනුමත පාසල් හි 6,7,8, සහ 9 ශ්‍රේණිවල අධ්‍යාපන  කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

එම ශ්‍රේණි ආරම්භ කිරීමත් සමඟ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි  සිදු කරන බව ද දුරස්ථභාවය සහ සෞඛ්‍ය නිර්දේශ අනුව එක් පන්තියකට එක් දිනකදී කැඳවිය යුතු සිසුන්  සංඛ්‍යාව තීරණය කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙන බව ද ලේකම්වරයා කීය.