සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දේශපාලන අතකොළුවක් නොවිය යුතුයි

ravi-kumudesh

කොවිඩ් නීතිය දේශපාලන වුවමණාවන්ට පාවිච්චි කරන්න ගියොත්, විහිළුවක් වෙන්නේ සෞඛ්‍ය සේවාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ආණ්ඩුවට අදාල දේශපාලන පක්ෂයේ අතකොළුවක් නොවිය යුතු බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදි කුමුදේස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මහජනතාව රටේ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරන්නේ නීතියට ඇති බියකට නෙවේ. ඒ නීතීය තමන් වෙනුවෙන් යොදන ලද එකක් බවට තියන විශ්වාසයට. දිගින් දිගටම ආණ්ඩුවේ දේශපාලන පක්ෂයේ වුමණාවට එම නීතිය යොදා ගැනීම මගින් සෞඛ්‍ය නීතීය පිළිබදව මහජන විශ්වාසය බිද වැටෙනවා. එය වසංගතය වෙනුවෙන් සෞඛ්‍ය සේවාට පැවරී ඇති කාර්‍ය සිදු කිරීමට විශාල බාධාවක්.

කොතරම් වැදගත් නීතියක් වුවත්, එය දේශපාලනීකරණය වන වටපිටාවක් ඇතුලේ එලියට නොදා ඉන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනාරාල්වරයා වග බලා ගත යුතුයි. අරගල එනකොට, ආණ්ඩුවට එරෙහි විරෝධතා එනකොට, ඒවා ඉලක්ක කරගෙන, වසංගතයට අදාල ගැසට් නිවේදන සහ නීති පැනවීම මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාව දේශපාන පීඩාවකට ලක් කරලා තියෙන බව තමයි පේන්නට තියෙන්නේ. එයින් සමස්ථ සෞඛ්‍ය සේවාවම මහජනතාව පිළිනොගන්නා පිරිහීමකට ලක් වෙනවා.

රට ඇතුලේ කොහේවත් කොවිඩ් ගැන වගේ වගක් නැතිවෙලාවක, ප්‍රතික්‍රීයක කල් ඉකුත්වෙමින් තිබියදී පවා PCR පරීක්ෂණ නොකරමින් ඉන්න වෙලාවක, ජංගම රසායනාගාර නොමිලේ දෙනවා කියද්දීත් ඒවා එපා කියන, අහඹු පරීක්ෂණ කිසිවක් කරන්නට වුවමණාවක් නැති වටපිටාවක, සෞඛ්‍ය අමාත්‍යාංශයට හිටි හැටියේ කොවිඩ් මතක් වෙලා තියෙන්නේ කොවිඩ් පාලනයට ඇති වුවමණාවට නොවන බව ඉතා පැහැදිළි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.