තේ නිෂ්පාදනය පහත වැටීම නිසා ඩොලර් මිලියන 73ක ආදායමක් අහිමි වී තිබෙනවා

තේ නිෂ්පාදනය පහත වැටීම නිසා ඩොලර් මිලියන 73ක ආදායමක් අහිමි වී තිබෙනවා

තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසුවේ 2022 වසරේ මුල් කාර්තුවේදී තේ නිෂ්පාදනයෙන් ඩොලර් මිලියන 73ක පාඩුවක් සිදුව ඇති බවයි.

රසායනික පොහොර තහනම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය උද්ගත වී ඇති බවටද ඔහු තම කනස්සල්ල පළ කළ අතර, රසායනික කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 20,000ත් 30,000ත් අතර මිලක් වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

රසායනික පොහොර මිල පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බැවින් කුඩා තේ වතු හිමියන් රසායනික පොහොර භාවිතය අත්හැර දමා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය තුළ තේ කර්මාන්ත වල ද අඩුවී ඇති බව එහි හිමිකරුවන් පවසන අතර, ඉදිරියේදී තේ නිෂ්පාදනය දිනෙන් දින අඩුවී ලෝක වෙළෙඳ පොළේ අපේ තැන වෙනත් රටවල් අත්පත් කර ගනීවි යයි තම බිය පළකරන බව ලයනල් හේරත් මහතා පවසා සිටියා.