C190 අපරානුමතකර ගැනීමේ අවශ්‍යතාවය ගැන ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතියෙන් දැණුවත් කිරීමක්

C190 අපරානුමතකර ගැනීමේ අවශ්‍යතාවය ගැන ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතියෙන් දැණුවත් කිරීමක්

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2019 ජූනි මාසයේ පැවැත්වුණු 108 වන සැසියේදී, වැඩලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම සඳහා සම්මුතියක් සම්මත කර ගන්නා ලදී. එය  ILO C190 (206 නිර්දේශය සහිත) ප්‍රඥප්තිය හඳුන්වයි. මෙම ප්‍රඥප්තිය පාදක කොටගනිමින් හිංසනයට හා ප්‍රචණ්ඩත්වයට එරෙහිව  UN Women සංවිධානය විසින් සංවිධානය කරන ලද දින 16ක ක්‍රියාකාරී වැඩසටහනක් (16 Days Activism) නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් 10  (මානව හිමිකම් දිනය) දක්වා පැවැත්විණි. මෙයට සමගාමීව ලෝකයේ බොහෝ රටවල් වල වෘත්තීය සමිති සිවිල් සංවිධාන හා සමාජ කණ්ඩායම් එක්ව විවිධ වැඩසටහන් සංවිධානය කරන ලදී.

ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය විසින් මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කළ අතර ඉන් එක වැඩසටහනක් පසුගියදා හැටන් හිදී පවත්වන ලදී. හැටන් ශාඛා සමිතියේ කොටගල ප්‍රදේශයේ සාමාජිකයින් සඳහා පැවතී මෙම වැඩසටහනේ අරමුණ වූයේ දින 16 ක්‍රියාකාරී වැඩසටහන පිලිබඳ දැනුවත් කිරීමත් , ILO C190  ශ්‍රී ලංකාව තුළ අපරානුමත  කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමත්ය. මේ සඳහා එම ශාඛා සමිතියේ කොටගල ප්‍රදේශයේ ගෘහ සේවිකාවන් සහභාගී වූ අතර ප්‍රොටෙක්ට් සංගමයේ හරිප්‍රිය හෙට්ටිආරච්චි සහ ප්‍රධාන සංවිධායකයින් මූලික අදහස් දැක්වීම් සිදු කරන ලදී. මෙම වැඩසටහන් වල දිගුවක් ලෙස හැටන් ප්‍රදේශය තුළ තවත් වැඩසටහන් කිහිපයක් වසංගත තත්ත්වය අවසන්වීමත් සමග සිදු කිරීමට බලාපොරොත්තු වේ.