වතු කම්කරු ප්‍රජා නායකයින් “ILO C 190 සම්මුතිය“ ගැන දැනුවත් කිරීමේ වැඩමුළුවක්

Previous Next

 ජාත්‍යන්තර කම්කරු සංවිධානය 2019 ජූනි මාසයේ 108 වන සැසියේදී සම්මත කරගන්නා ලද, (C190) වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධව සම්මුතියක් සම්මත කරගන්නා ලද අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරව සංවිධානය කරනු ලබන “කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහිව සිදුකරන හිංසනය හා ප‍්‍රචණ්ඩත්වය“ එරෙහි දින වැඩසටහනට සමගාමීව මෙම වැඩමුළුව සංවිධානය කෙරිනි.

ශ්‍රී ලංකාව තුළද එම පනත සම්මත කරගැනිමේ වැදගත්කම හා ඒ පිළිබඳව දැනුවත් කිරිම සඳහා වැඩමුළුවක් ද ෆවර් පවුන්ඩේසන් අයතනයේ විසින් වතු කම්කරුවන්ගේ ප්‍රජා මට්ටමේ කාන්තා සහ පිරිමි නායිකාවන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් පසුගියදා බණ්ඩාරවෙලදී පවත්වන ලදි.

එම වැඩමුළුවේදි, “ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් අනුමත කළ 190 සම්මුතිය කුමක්ද ?“ යන්න හඳුන්වාදිම පී. යෝගිස්වරී මහත්මියත් හා ද ෆවර් පවුන්ඩේසන් ආයතනයේ සභාපති, වෙලායුදම් රැද්‍රදීපන් මහතා විසින් පිළිබඳ හැඳින්වීමේ කරන ලදි.

මෙහි දෙවන දේශණය, හපුතලේ කම්කරු කාර්යාලය ජ්‍යෙෂ්ඨ සහකාර කම්කරු කොමසාරිස්, සුජාතා කුමාරි මහත්මිය විසින් “කම්කරු කාර්යාලයේ යුතුකම් හා වගකීම් ගැන හැඳින්වීම හා වැඩබිමේදී කාන්තාවන්ට එරෙහි වූ හිංසනයන් සඳහා කම්කරු කාර්යාලයේ මැදිහත්වීම්“ පිළිබඳව දැනුවත් කිරීම සිදුකරන ලදි.

කොළඹ පිහිටි සහයේගීතා මධ්‍යස්ථානය හරහා කම්කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම එම්. ෆයිසර් මහතා විසින් සිදුකරන ලදි.