සිලෝන් නිව්ස්පේපර්ස් (පෞද්ගලික) සමාගමේ වත්මන් සහ හිටපු සේවකයින්ට හිමි වැටුප්, ව්‍යවස්ථාපිත දීමනා සහ රැකියා සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කරමින් සිලෝන් නිව්ස්පේපර්ස් (පෞද්ගලික) සමාගමේ අගතියට පත් වත්මන් සහ හිටපු සේවකයින් ජනමාධ්‍ය අමාත්‍යවරයාට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,
සිලෝන් නිව්ස්පේපර්ස් (පෞද්ගලික) සමාගම (Ceylon Newspapers (Pvt) Ltd) මගින් ප්‍රකාශයට පත් කළ 'මව්බිම' (Mawbima) සහ 'සිලෝන් ටුඩේ' (Ceylon Today) පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු වත්මන් සහ හිටපු සේවකයින් වෙනුවෙන් අපි මෙම ලිපිය ඉතා ගෞරවයෙන් යොමු කරමු. අපට නීත්‍යානුකූලව හිමිවිය යුතු හිඟ වැටුප්, දීමනා, සේවක අර්ථසාධක අරමුදල් (EPF), සේවක භාර අරමුදල් (ETF) සහ සේවක පාරිතෝෂික අරමුදල් (Gratuity) ලබා ගැනීමට මෙන්ම අපගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ඔබතුමාගේ කඩිනම් මැදිහත්වීම අපි අපේක්ෂා කරමු.
මෙම පුවත්පත් දෙකෙහිම දෛනික සංස්කරණ 2026 මාර්තු මාසයේදීත්, ඉරිදා සංස්කරණ අගෝස්තු මාසයේදීත් නතර කෙරුණු අතර, එතැන් පටන් ආයතනයේ රැඳී සිටින සේවකයින්ට සමාගමේ ඉදිරි පැවැත්ම පිළිබඳව කිසිදු නිල දැනුම් දීමක් සිදු කර නොමැත. එපමණක් නොව, සේවකයින්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවට හෝ වෙනත් කිසිදු බලධාරියෙකුට පූර්ව දැනුම් දීමකින් තොරව, දැනට රැකියා අහිමි නොකරන ලද සේවකයින්ට පවා සේවා පරිශ්‍රයට ඇතුළු වීම පාලනාධිකාරිය විසින් අත්තනෝමතික ලෙස අවහිර කර තිබේ. මේ පිළිබඳව 2026 නොවැම්බර් 03 වනදින කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් (අංක CIB1 241/27) ගොනු කර තිබේ.
අප මුහුණ දී සිටින ප්‍රධාන වෘත්තීය හා මූල්‍ය ගැටලු:
මේ සියල්ල මෙරට කම්කරු නීතිය මගින් තහවුරු කර ඇති ව්‍යවස්ථාපිත බැඳීම් වේ. පාලනාධිකාරියේ මෙම නීතිවිරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මාධ්‍යවේදීන් ඇතුළු සේවක පිරිසට සහ ඔවුන්ගේ පවුල්වලට එදිනෙදා ජීවිකාව පවත්වාගෙන යාමට මෙන්ම, විශ්‍රාමික දිවිය වෙනුවෙන් ඉතිරි කළ අරමුදල් ද අහිමි වී දැඩි අසරණභාවයට පත්ව සිටිති.
මේ දක්වා ගෙන ඇති පියවර සහ පවතින ප්‍රමාදය
මෙම අසාධාරණයන් සම්බන්ධයෙන් අප විසින් කම්කරු දෙපාර්තමේන්තුව වෙත විධිමත් පැමිණිලි රාශියක් ඉදිරිපත් කර ඇතත්, අපට සාධාරණය ඉටු කිරීම සඳහා මෙතෙක් කිසිදු ඵලදායී නීතිමය පියවරක් ගෙන නොමැත. මේ වසර මුලදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ද කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී තිබුණද, එම විමර්ශනවල ප්‍රගතිය හෝ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව අප වෙත කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැත.
මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් අදාළ යාන්ත්‍රණය කෙරෙහි අප තුළ තිබූ විශ්වාසය බිඳ වැටී ඇති අතර, ආයතන පාලනාධිකාරිය නීතියේ රැහැනින් ආරක්ෂා කිරීමට යම් උත්සාහයක් දරන්නේදැයි සේවකයින් තුළ බරපතළ සැකයක් මතු වී තිබේ.
එබැවින්, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ගරුත්වය සහ මාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් වගකියන ප්‍රධානතම රාජ්‍ය බලධාරියා ලෙස මේ පිළිබඳව ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඒ අනුව;
ස්තූතියි
මෙයට විශ්වාසී,
සිලෝන් නිව්ස්පේපර්ස් (පෞද්ගලික) සමාගමේ අගතියට පත් වත්මන් සහ හිටපු සේවකයින්
