Covid කාලයේ ගෙදර සිටියත් සම්පූර්ණ වැටුප ගෙවිය යුතුයි -පෞද්ගලික අංශයට අදාළ නව යෝජනාවලිය මෙන්න!

Covid කාලයේ ගෙදර සිටියත් සම්පූර්ණ වැටුප ගෙවිය යුතුයි -පෞද්ගලික අංශයට අදාළ නව යෝජනාවලිය මෙන්න!

කොවීඩ් වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ දැනුවත් කිරීමට ලංකා බැංකු සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, පෞද්ගලික සේවක මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති 18ක් එක්ව ලිපියක් යොමු විෂය බාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යොමු කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කරන බවයි බව එම ලිපියෙහි සඳහන් වන්නේ.

1. අඩ වැටුප් ගෙවීමට අවසර ලබාදීමේ තීන්දුව වහාම නිවැරදි කිරීම.

2. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කිරීමෙන් තොරව පවත්වාගෙන යන ආයතන වලට වහාම නීතිය ක්‍රියාත්මක කිරීම.

3. සෞඛ්‍ය නිර්දේශ මත යොදන සංචරණ කාලසීමාව තුළ පෞද්ගලික අංශයේ ආයතනවල සියලු සේවකයන්ටද පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබාදීම.

4. එන්නත්කරණය සිදු කළ යුතු සියලුම ජනතාව එන්නත්කරණය සඳහා ජාතික වැඩපිළිවෙළක් කඩිනමින් සකස් විය යුතු අතර එහිදී වසංගතයට විශාල ලෙස ගොදුරු කර ඇති පෞද්ගලික අංශයේ සේවකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම.

එම ලිපිය පහතින්

podu01

podu02