COVID -19 වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට උපදෙස් හයක්

COVID -19 වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට උපදෙස් හයක්

1. මාතෘකාව පමණක් නොව මුළු කතාවම කියවන්න.

  • මාතෘකාවට අදාල යොමුව (ලින්ක්) මත click කිර, මුළු කතාවම කියවා වැරදි තොරතුරු පහසුවෙන් හඳුනාගත ගන්න.
  • ඉහත තොරතුරු කියවීමේ දී එහි අඩංගු පින්තූර, දත්ත, උපුටා ගැනීම්, තොරතුරු ලබාගත් මූලාශ්‍ර සහ එය නිකුත් කර ඇති දිනයන් වැනි දෑ අතර ඇති නොගැලපීම් වලට අවධානය යොමු කරන්න. එම තොරතුරු යල්පැන ගොස් ඇත්දැයි විමසිල්ලෙන් කියවන්න.

2. විශ්වාසදායක මූලාශ්‍රයකට යොමු වීම ඔබට ඇති ආරක්‍ෂිතම මාර්ගයයි.

  • ඔබ තෝරාගත් මූලාශ්‍රය, විශ්වාසදායක තොරතුරු ලබා දීමට නමගිය මූලාශ්‍රයක් ද?
  • ඔවුන්ගේ අරමුණ කුමක්? ආයතනය පිහිටි ස්තානය කොහේද?
  • වැඩි විස්තර සඳහා ඔවුන්ගේ “අප ගැන” පිටුව පරීක්‍ෂා කරන්න.
  • ප්‍රජා සෞඛ්‍ය ආයතන මගින් මෙම තොරතුරු තහවුරු කර ඇද්දැයි හෝ පරස්පර විරෝධී යයි පවසා ඇද්ද යන්න ඔබට පරීක්‍ෂා කළ හැකිය.

3. කට කතා වෙනුවට සත්‍ය තොරතුරු බෙදා ගන්න

  • කෝවිඩ් 19 පිළිබඳ සැබෑ තොරතුරු සපයන වෙබ් අඩවි වලට සමානව සැකසූ සාවද්‍ය වෙබ් අඩවි හරහා වැරදි තොරතුරු පැතිරීම සිදුකරයි.
  • සාවද්‍ය තොරතුරු බවට හඳුනාගත හැකි ඉඟි පිළිබඳ අවධානය යොමු කරන්න – ව්‍යාජ URL (වෙබ් ලිපිනයන්), වැරදි අක්‍ෂර වින්‍යාසය හෝ අමුතු පිරිසැලසුම් (layouts) ගැන සොයා බලන්න.

4. විශ්වාසනීය මූලාශ්‍ර හරහා, තොරතුරු කුමන පසුබිමක් සහ තත්ත්වයක් යටතේ දී ලබා දී ඇත්දැයි දැන ගන්න.

  • ඔබට ලැබුණු තොරතුරු සෞඛ්‍ය අංශ මගින් ලබා දුන් සැබෑ තොරතුරු දැයි දැන ගැනීමට වෙනත් නමගිය මූලාශ්‍ර වල ඇති වාර්තා සමග සසඳන්න.

5. ඔබගේ මිතුරෙකු හෝ පවුලේ අයකු වැරදි තොරතුරක් බෙදාගෙන තිබුනොත් ...

  • ඔවුන් දැනුවත් කිරීම සඳහා පුද්ගලික පණිවිඩයක් යවන්න.
  • ඔවුන් බෙදාගත් සාවද්‍ය තොරතුර සඳහා වැඩි වශයෙන් ලයික් සහ කමෙන්ට් (comment) ලැබී ඇත්නම්, ඔවුන්ගේ සිත් රිදවීමක් සිදු නොවන පරිදි නිවැරදි තොරතුරු ඕවා දක්වන්න.

6. තොරතුරු බෙදා ගැනීමට පෙර මොහොතක් සිතන්න.

  • සමහර වාර්තා වල කරුණු වසන් කර තිබිය හැක, හැඟීම් ඇවිස්සෙන පරිදි, තවත් අයෙක් ආවේගයට පත්කරවන ආකාරයට භාෂාව හසුරවා තිබිය හැක.
  • එම නිසා ඔබ බෙදා ගැනීමට සැරසෙන තොරතුරු වල නිරවද්‍යතාවය පිළිබඳව යළිත් වරක් සිතන්න.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා ෆේස්බුක් සමාගම එක්ව ඉදිරිපත් කිරීමක්.