දීපව්‍යාප්ත ප්‍රදේශ කිහිපයක් Lockdown -ඔබ ඉන්නේ මේ ප්‍රදේශවල නම් ප්‍රවේශමෙන්!

දීපව්‍යාප්ත ප්‍රදේශ කිහිපයක් Lockdown -ඔබ ඉන්නේ මේ ප්‍රදේශවල නම් ප්‍රවේශමෙන්!
කොවිඩ් ව්‍යාප්තියේ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද උදෑසන සිට බලපැවැත්වෙන ලෙස දීපව්‍යාප්තව ප්‍රදේශ කිහිපයක් හුදෙකළා කිරීමට කටයුතු කර තිබේ.
 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්රි ග්‍රාම නිලධාරී වසම, එම දිස්ත්‍රික්කයේම හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩයස් වත්ත අද(04) උදෑසන සිට හුදකලාකර ඇති බවයි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙනිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි වසම, රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර සහ කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසමත් අද උදෑසන සිට හුදෙකලා කර තිබේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ , මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ , විල්ලෝරවත්ත ග්‍රාම නිලධාරි වසම ද අද උදෑසන සිට හුදකලා කළ බවත් කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කර ඇත.