Covid මර්දන නීති අවභාවිතා කරන්න එපා – එක්සත් ජාතීන්

Covid මර්දන නීති අවභාවිතා කරන්න එපා – එක්සත් ජාතීන්

සාමකාමී පෙලපාලි පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති එක්රැස් කිරීමේ අයිතියට ඇතුළත් වන බවත් කොරෝනා වසංගතයට එරෙහි පියවර ලෙස පනවා ඇති සීමාවන් මහජන සෞඛ්‍යයේ නීත්‍යානුකූල ආරක්‍ෂාවෙන් ඔබ්බට නොයා යුතු බවත් එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය පවසයි.

එක්රැස් වීමේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීම වැනි වෙනත් අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට උපකාරී වන බව ද ඇය විසින් ඊයේ(11) නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

“එක්රැස්වීමේ අයිතියට සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතියට ඇතුළත් වේ. එය වෙනත් අයිතිවාසිකම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීමට උපකාරී වේ. වසංගතයට එරෙහි පියවර ලෙස පනවා ඇති සීමාවන් මහජන සෞඛ්‍යයේ නීත්‍යානුකූල ආරක්ෂාවෙන් ඔබ්බට නොයා යුතුය‘ යැයි එහි වැඩි දුරටත් සදහන් වේ.