කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම වෙනුවෙන් ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය නිහඬ විරෝධතාවයක

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම වෙනුවෙන් ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය නිහඬ විරෝධතාවයක

කාන්තාවන්ට එරෙහි  ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත  පදනම් වූ හිංසනයට එරෙහි ගෝලීය  දින 16 ක්‍රියාකාරිත්වය තුළ  ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතියේ මූලිකත්වයෙන්  අනෙක් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන රැසකගේ  ඒකරාශීව  2021 නොවැම්බර්  25 වෙනි දින සිට දෙසැම්බර් 10 වැනි දින දක්වා දින ක්‍රියාකාරකම්  රැසක් සංවිධානය කර තිබේ. 

මෙම වැඩසටහන් මාලාවේ  දෙවෙනි වැඩසටහන ලෙස මේ අවස්ථාවේ කොටුව දුම්රිය පල ඉදිරිපිට මෙම ගෝලීය  දින 16 ට අදාළව  ප්‍රචාරණ වැඩසටහනක්  පැවැත්වෙන අතර එහිදී නිහඬ විරෝධතාවයක්, C190  හා C189  සම්මුතීන් පිළිබඳ  ජනතාව දැනුවත් කරමින් අත් පත්‍රිකා බෙදා දීමක්  මෙන්ම “කාන්තාවන්ට එරෙහි හිංසනය සහ ප්‍රචණ්ඩත්වය  වලක්වමු” යන  තේමාවෙන් පෝස්ටරයක්  අත්සන්  කිරිමද සිදුවේ.

කාන්තාවන්ට  හා ගැහැණු ළමුන්ට එරෙහි  ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත  පදනම් වූ හිංසනයට එරෙහි ගෝලීය  දින 16 ක්‍රියාකාරිත්වය තුළ ගෘහස්ථ හිංසනය පිටුදැකීම , ස්ත්‍රී ඝාතනය වැලැක්වීම   යන ගෝලීය තේමාව පදනම් කරගනිමින්  මෙහිදී   පසුගියදා වාර්තා වූ  හිශාලිනී දැරියගේ  මියයාමේ  සිදුවීම සහ හිෂාලිනී වෙනුවෙන්  යුක්තිය ලබා ගැනීමත් මෙම වැඩපිළිවෙලේ එක් පරමාර්ථයක් බව ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා වැඩබිම හා සඳහන් කළේය.

එම අවස්ථාවේ විශේෂ ඡායාරූප කිහිපයක් පහතින්...

DSCF0925

DSCF0926

DSCF0932 

DSCF0935

DSCF0943

DSCF0940

DSCF0927