EPF ගන්න කොළඹ එන්න එපා

EPF ගන්න කොළඹ එන්න එපා

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ප්‍රතිලාභ ලබාගැනීම සභ ලබා ගැනීම සඳහා වන අයදුම් පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින corona 19 වසංගත තත්ත්වය පැතිර යාමත් සමඟ විශාල වශයෙන් මහජනතාව කොළඹ ප්‍රධාන කාර්යාලපැමිණීම වලක්වා ගැනීමේ අරමුණ අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීම්වලට අදාල සියළුම කටයුතු ලංකාව පුරා විහිදි ඇති දිස්ත්‍රික් හා කලාප කම්කරු කාර්යාල වලට විමධ්‍යගත කර ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.මෙසේ දිස්ත්‍රික්ක කලාප කම්කරු කාර්යාල වෙත ලබා දෙන සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත්‍ර එම කාර්යාල මගින්ම සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමේ පහසුකම් මේ වන විට සම්පාදනය කර ඇත.එම නිසා සිය අයදුම්පත්‍ර දිස්ත්‍රික් හෝ කලාප කාර්යාල වලට දීම තුළින් ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමේ කිසිදු ප්‍රමාදයක් සිදු නොවන බවත්,එවැනි ප්‍රමාදයක් ඇති වේ යැයි කිසිදු සැකයක් හෝ බියක් ඇති ඇති කර ගත යුතු නැතැයි ද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහෙත් කොළඹ ප්‍රදේශයේ ආයතනයක සේවය කළ අයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීමේ දි ,මේ වන විට එම ආයතනය වසා දමා ඇත් නම් එම පුද්ගලයන් පමණක් සිය අයදුම්පත් භාරදීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ කම්කරු මහලේකම් කාර්යාලයට පැමිණිය යුතු බව චන්ද්‍රකීර්ති මහතා පවසයි.

කළුතර, ගම්පහ, මහනුවර, ගාල්ල, යාපනය, රත්නපුර, බදුල්ල, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, අනුරාධපුර,අවිස්සාවේල්ල, අම්පාර, මඩකලපුව, බදුල්ල, හලාවත, හපුතලේ, ගාල්ල, ගම්පොල, හම්බන්තොට, හැටන්, මාතර, මතුගම, මොනරාගල, මහරගම, මීගමුව, නුවරඑලිය, ජා ඇල, පානදුර දකුණ, කහවත්ත, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, පොලොන්නරුව, වව්නියාව,  පුත්තලම, මාහෝ, වෙන්නප්පුව යන ප්‍රදේශවල පිහිටි ඉහත සඳහන් දිස්ත්‍රික්ක හා කලාප කාර්යාල වෙතින් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමේ කටයුතු සම්පූර්ණ කරගත හැකි වේ.