ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කම්කරු ඇමැති නිමල් සිරිපාලද සිල්වා තීරණය කර ඇත.
දැනට මෙම 30% ක ණය මුදල ක්‍රියාත්මක වන්නේ නිවාස ණයක් ලෙසය. මේ නිසා බොහෝ පිරිස් මුදල් වැය කර ව්‍යාජ ඔප්පු සහ ලේඛන සකස් කර මෙම ණය මුදල ලබා ගෙන වෙනත් කාර්යයන්ට යොදවන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමැති නිමල් සිරිපාලද සිල්වා ‘අරුණට’ පැවැසුවේය.
මෙවැනි වැරදි ක්‍රියාවලින් සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් මුදා ගැනීමේ අරමුණින් 30% ණය මුදල වෙනත් කාර්යයන්ටද යොදවා ගැනීමේ අවස්ථාව ලබා දීමට තීරණය කළ බව ඇමැතිවරයා කීවේය.
සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පත්ව තිබෙන මුදල් ප්‍රමාණය අනුව රුපියල් ලක්ෂ විස්සක ණය මුදලක් මේ යටතේ ලබා ගත හැකිය.
