ඊයේ දවසේ හා අදත් බුකියේ ලාංකීය කලාපයේ වැඩියෙන් ම සංසරණය වුනේ ඇමරිකාවේ ලංකාව නියෝජනය කරන තානාපති ලෙස අරුණි රණරාජාගේ නම යෝජනා වී ඇති බව ය. ඇය විදේශ අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ධූරය හොබවන්නී ය.
අරුණි රණරාජාට පෙර විදේශ අමාත්‍යංශයේ ලේකම් දධූරය හොබවන ලද්දී අරුණි විජේවර්ධන ය. දැනට ලැබෙන තොරතුරු අනුව, අරුණි රණරාජාට පසු ව අමාත්‍යංශයේ ලේකම් වනු ඇත්තේ හිමාලි අරුණතිලක ය.
මේ තිදෙනා ම career diplomats හෙවත් වෘත්තීය විදේශ සේවා නිලධාරින් ය. අරුණිලා දෙදෙනා සහ හිමාලි, විදේශ සේවයට සම්බන්ධ මනා පුහුණුව පරිචය හා අත්දැකීම ලත් අය ය.
ඒ අතර ම, මේ තිදෙනාම ගැහැණුන් ද වේ.
කලක් පිරිමි කලාපයක් ලෙස වැජඹුණු විදේශ සේවය (ඉඳහිට ව්‍යාතිරේඛ නොතිබුණා නොවේ. ලඟදී මිය ගිය අබේසේකර මහත්මිය.) මේ වන විට ශීඝ්‍රයෙන් කාන්තාකරණය (feminiztion) වේගෙන එන බව පැහැදිලි ව පෙනේ. පහුගිය වතාවන් කිහිපයේ ම අලුතින් බඳවා ගන්නා ලද විදේශ සේවා කණ්ඩායම් (new batches of foreign service recruits) හි සංයුතිය බැලීමේදී බහුතරය වන්නේ කාන්තාවන් ය.
අරුණිලා දෙදෙනා හා හිමාලි මේ තත්ත්වයට පත් වන්නේ එක රැයකින් නොවේ. ඔවුන් තිදෙනා ම විදේශ සේවයේ අවුරුදු 20කට 25 කට අධික අත්දැකීමක් ඇති අය ය. මීට අමතරව තානාපති මට්ටමේ ද විශාල ප්‍රමාණයක් නායකත්වය හොබවයි (පෝස්ටුව අවසානයේ ඇති Note 1 බලන්න). ඉන් ගම්‍ය වන්නේ අවුරුදු ගණනකට පෙර සිට ම මේ ප්‍රවණතාවය ආරම්භ වී ඇති බවයි.
මෙලෙස විදේශ සේවයට කාන්තාවන් වැඩියෙන් ආකර්ෂණය වන්නේ හා ඊට සාපේක්ෂ ව පිරිමින් එම සේවයට බැඳීමට වැඩි උනන්දුවක් දක්වන්නේ නැත්තේ ඇයි ද යන්න සොයා බැලිය යුතු කරුණකි.
ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?
ප.ලි : අරුණි රණරාජා Aruni Ranaraja ඕලන්දයේ තානාපතිවරිය වශයෙන් කටයුතු කරද්දී මා ඇය කිහිප කිහිපවරක්ම හමු වී දීර්ඝ ලෙස කතා බස් කර ඇත. ඇයගේ නිල නිවසේ රාත්‍රී ආහාරය සඳහා මට දෙවරක්ම නිල ආරාධනයක් කරන ලද අතර කෑමට බීමට බීමට අමතර රුචියක් දක්වන මා, අරුණි විශිෂ්ට සත්කාරකවරියක් (host) බව ද කිව යුතු ය. මා එක් අවස්ථාවක අරුණි විසින් මනා ලෙස පුහුණු කරන ලද කෝකිවරියක් හා බට්ලර්වරියක් ගැන ද මීට පෙර මා පෝස්ටුවක ලියා ඇත. මේ සමග අරුණිට නව පත්වීම අරභයා මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමේ !!
Note 1 : Current Sri Lankan female High Commissioners and Ambassadors
Female High Commissioners
High Commissioners head Sri Lanka's diplomatic missions in Commonwealth member states:
Female Ambassadors
Ambassadors lead Sri Lanka's diplomatic missions in non-Commonwealth countries:
| ආචාර්ය උදන් ප්‍රනාන්දු
