FUTA  ජනපති සමඟ සාකච්ඡාවකට එක්වෙයි!

FUTA  ජනපති සමඟ සාකච්ඡාවකට එක්වෙයි!
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
 
මෙම සාකච්ඡාවට තම නියෝජිතයන් දොළොස් දෙනෙකු සමඟ එක්වන බවත්, මෙහිදී බදු ප්‍රතිපත්ති සංශෝධනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සඳහන් කරයි.
 
 
එසේම  විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට නියමිත බවද සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එච්.එස්.කේ. බන්නැහැක සඳහන්  පවසයි.
 
රජයේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම ඇතුළු  ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමට පසුගියදා කටයුතු කරන ලද අතර ඊට උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණයද ඇතුළත් විය.
 
මේ නිසා උසස් පෙළ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු දින 60කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබුණු අතර පසුව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 17 වනදා සිට ඔවුන් අධ්‍යයන කටයුතු වලට එක්වූ අතර ඉන් අනතුරුව උසස් පෙළ පිළිතුරු පත් ඇගයීමේ කටයුතුද,  ක්‍රමානුකූලව ආරම්භ  කෙරිණි.
 

එම පොරොන්දුවට අනුවයි අද පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.