කොවිඩ් -19 වසංගතයේ ව්‍යාප්තිය පාලනයට දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 14 වන දින සිට අඛණ්ඩව තවත් සති දෙකක් හෝ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් (11) දින ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් වෙත යොමු කළ ලිපියක් මගින් මේ ඉල්ලීම කර ඇත.
එම ලිපිය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙන්වාදී ඇත්තේ මේ දක්වා ක්‍රියාත්මක කළ සංචරණ සීමා හේතුවෙන් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරමින් ඇති බවත් සංචරණ සීමා කඩිනමින් ඉවත් කළහොත් ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යා හැකි බවයි.
එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.
