GMOA අලුත් වුණේ මෙහෙමයි

GMOA අලුත් වුණේ මෙහෙමයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව තිබේ.
 
2011 වසරේ සිට වසර 10ක කාලයක් අඛණ්ඩව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය , මෙවර එම ධූරයට තරඟ නොකිරීමට  තීරණය කර තිබිණි.
 
උප සභාපතිවරු ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් යන මහත්වරු  පත් වූහ.
 
ලේකම්වරයා  ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ පත් වූ අතර උප ලේකම්වරු ලෙස  වෛද්‍ය කාංචන බුලන්කුලම, වෛද්‍ය අජන්ත රාජකරුණා, වෛද්‍ය පාලිත රාජපක්ෂ, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස යන මහත්වරු පත් වූහ.
 
භාණ්ඩාගාරික ලෙස වෛද්‍ය කමල් කොඩිකාර මහතා තේරී පත්වූ අතර සංස්කාරක ලෙස වෛද්‍ය චන්දන ධර්මරත්න සහ උප සංස්කාරක ලෙස වෛද්‍ය චමිල් විජේසිංහ යන මහත්වරු තේරී  පත් වූහ.
 
නව මධ්‍යම කාරක කමිටුව පහත පරිදිය.
 
වෛද්‍ය සුහයිල් අහමඩ, වෛද්‍ය මොහොමඩ් අනාස වෛද්‍ය ප්‍රසාද් හේරත්, වෛද්‍ය චනිත් පේදුරුආරච්චිගේ, වෛද්‍ය ගාන්දීපන් තංගරාජා, වෛද්‍ය ඉන්දික හේරත් ,වෛද්‍ය රුවන් ජයසූරිය, වෛද්‍ය චාරුණි කොහොඹන්ගේ, වෛද්‍ය වසන්ත කුමාර වෛද්‍ය නිරෝෂණ ලියනගේ, වෛද්‍ය රගීෂ් මදුසංඛ, වෛද්‍ය ඉන්දික නිරෝෂන්, වෛද්‍ය උදාන පානදුරගේ, වෛද්‍ය දිමුත් පොන්වීර, වෛද්‍ය ජගත් රෝෂාන්, වෛද්‍ය චන්දික සනත්, වෛද්‍ය නිලන්ත සංජිව, වෛද්‍ය ලක්ෂ්මන් සේනාධීර, වෛද්‍ය තේජන සෝමතිලක, වෛද්‍ය තනිගවාසන් රන්තසිංගම්, වෛද්‍ය චාමර වර්ණසූරිය, වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ, වෛද්‍ය හේෂාන් විදානපතිරණ, වෛද්‍ය නාත් විජේසුරිය සහ වෛද්‍ය දර්ශන විජේතුංග.