පවතින නීති සහ පිළිගත් ක්‍රමවේද උල්ලංඝනය කරමින්, ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ සමස්ත ස්ථාන මාරු ක්‍රමවේදය දැඩි වියවුලකට පත් කිරීමට හේතු වී ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අකාර්යක්ෂම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවටද පැමිණිලි කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,
ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිනව විධායක සභාව සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර පැවැති සාකච්ඡාවේදීය.
එහිදී වෛද්‍යවරුන්ට, වෛද්‍ය ක්ෂේත්‍රයට සහ සෞඛ්‍ය සේවාවට බලපාන ප්‍රධාන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කර ඇති අනවශ්‍ය ගැටලුකාරී සහ ගැටුම්කාරී වාතාවරණය මෙහිදී විශේෂ අවධානයට ලක්විය.
ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිගත රීති සහ සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛ මඟින් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තුවලදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය පැහැදිලිව දක්වා තිබියදීත්, එම ක්‍රමවේද සහ නිර්ණායකයන් උල්ලංඝනය කිරීම නිසා මතු වී ඇති ගැටලු අවධානයට ලක්විය.
එහිදී,
- 2025 ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මාස 09ක් ප්‍රමාද වීම
- 2025 ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ, පුරප්පාඩු 78ක් අත්තනෝමතික සහ නීතිවිරෝධී ලෙස ඉවත් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් අසාධාරණයට ලක් වීම
- රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමයන් උල්ලංඝනය කරමින් සහ ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුවක් සකස් කිරීම
- විශේෂ අභියාචනා ස්ථාන මාරු මණ්ඩල නිසි වේලාවට නොපවැත්වීම නිසා වෛද්‍යවරුන් අසාධාරණයට ලක්වීම.
- වෛද්‍යවරුන්ගේ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව අත්තනෝමතික ලෙස කප්පාදු කිරීම
- වෛද්‍යවරුන්ගේ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුව වසර 1 ½ වැඩි කාලයක් ප්‍රමාද කිරීම
- පවතින පිළිගත් ක්‍රමවේද සහ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අකාර්යක්ෂම සහ අසමත් ක්‍රියාකලාපය
යනාදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.
ස්ථාන මාරු ක්‍රමවේදයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ඇතැම් වෛද්‍යවරුන් රාජ්‍ය සේවයෙන් ඉවත් වී යන ප්‍රවණතාවයක්ද මතු වී ඇත.
මීට අමතරව වෛද්‍යවරුන් හට බලපාන සහ ඔවුන් රටතුල රදවාගැනීම සදහා බලපාන ආර්ථික ස්ථායිතාව, ප්‍රවාහන ගැටලු, පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු පුලුල් කිරීම,ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය යථාවත් කිරීම ඇතුලු තවත් ගැටලු රැසක් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ දිනයේදී සාකච්ඡා කරන ලද අතර එම ගැටලු සදහා ලබාගන්න ඉදිරි පියවර සම්බන්ධ තීන්දු තීරණ ලබා ගැනුනි.
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය සාධනීය විසඳුම් ලබාදීමට මැදිහත් වන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ විය.
එමෙන්ම වෛද්‍යවරුන්ගේ මූල්‍ය ස්ථාවරත්වය ස්ථාපිත කරමින්, ඔවුන් රාජ්‍ය සේවය තුළ රඳවාගැනීම සඳහා කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට භාණ්ඩාගාරය සමග සාකච්ඡා කිරීම සදහා වාර්ථාවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුලත් කමිටුවක් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පත්කරන ලදී.
පවතින නීති සහ පිළිගත් ක්‍රමවේද උල්ලංඝනය කරමින්, ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ සමස්ත ස්ථාන මාරු ක්‍රමවේදය දැඩි වියවුලකට පත් කිරීමට හේතු වී ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අකාර්යක්ෂම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවටද පැමිණිලි කිරීමට නියමිතය.
ඉදිරි දින කිහිපය තුළදී ස්ථාන මාරු ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා තම සාධනීය විසඳුම් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටින අතර, එම විසඳුම් ප්‍රකාශයට පත්වීම සහ ලබාදෙන විසඳුම් මත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් එළඹෙන අඟහරුවාදා දිනයේදී (05.08.2025) පැවැත්වීමට නියමිතය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, රට පුරා අපගේ සියලුම ශාඛා සමිති රැස්වීම් සදුදා දිනයේදී (04.08.2025) පැවැත්වීමට නියමිත අතර, එම තීරණ සහ අදහස්, ඊට පසු දින පැවැත්වෙන හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇත.
වත්මන් රජයේ ප්‍රතිපත්තිය වනුයේ පිළිගත් ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ සාමූහික තීරණ ගැනීම වුවද, එම රාජ්‍ය ප්‍රතිපත්තිය පවා උල්ලංඝනය කරමින් කටයුතු කරන ඇතැම් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ අරමුණ වනුයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය අප්‍රසාදයට සහ අපහසුතාවයට පත් කිරීමද යන සැකය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ද මතු වී ඇත.
නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මක භාවයෙන් යුතුව රටපුරා සැපයීම වෙනුවෙන් වෛද්‍යවරුන් රාජ්‍ය සේවය තුළ රැකගනිමින් නිසි ලෙස ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා තම වගකීම ඉටුකරනුු ඇතැයි අප බලාපොරොත්තු වන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය සාධනීය සහයෝගය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් බවද අවධාරණය කරමු.