"ගැබිණියන් - කිරිදෙන මවුවරුන් ගෙදර තියන්න" - JDOC ඉල්ලයි

"ගැබිණියන් - කිරිදෙන මවුවරුන් ගෙදර තියන්න" - JDOC ඉල්ලයි

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම භයානක තත්වයක් හෙයින් ඊට විරෝධය දක්වන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන  අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.

කෝවිඩ් වයිරසය රට පුරා තදින්  පැතිර යමින් තිබෙන තත්ත්වයක් තුළ ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම නොකරන්නැයි ඉල්ලා සිටින බව ද ඒකා බද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතාගේ අත්සනින් යුතුව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ලේකම්වරයා වෙත යවා ඇති බව ලිපියේ සඳහන් වේ.

සම්පූර්ණ ලිපිය පහතින්...

ලේකම්
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරශ‍්‍රය
කොළඹ 07.

ඔබ විසින් 02/2021 (iii) හා 2021.07.30 දිනැතිව නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක‍්‍ර ලේඛය මගින් අගෝස්තු 2 දින සිට එනම් හෙට දින සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ උපදෙස් ලබා දී ඇත.
02.  එම චක‍්‍ර ලේ්ඛයේ 3 වන වගන්තියේ දක්වා ඇත්තේ ජනාධිපති ලේකම් විසින් 2020.03.19 දින සිට 2020.11.25 දින දක්වා නිකුත් කර ඇති සියලූ චක‍්‍රලේඛ හා විධිවිධාන අහෝසි වන බවයි.
03. එහිම 4 වන වගන්තිය තුළ දක්වා ඇත්තේ ඔබතුමා විසින් 2020.04.29 දින සිට 2021.05.10 දින දක්වා නිකුත් කළ චක‍්‍රලේඛ හා චක‍්‍රලේඛ ලිපියෙහි විධිවිධාන සියල්ල නව චක‍්‍රලේඛය සමග අහෝසි වන බවයි.
04. මෙම නව චක‍්‍ර ලේඛය තුළ ද ගර්භණි කාන්තාවන් හා කිරිදෙන මව්වරු ගැන කිසි`දු ස`දහනක් නැත. මෙම තත්වය බරපතළ වන්නේ කොවිඞ් - 19 වසංගත තත්වය සීඝ‍්‍රයෙන් පැතිර යන මෙවන් මොහොතක මෙකී තීරණය ගැනීමයි.
05. මීට පෙර අවස්ථාවලද වෘත්තීය සමිති ඉල්ලීම් හමුවේ අදාළ සහන ලබාදෙමින් සේවයට කැ`දවීම් නොකරන ලදී. මේ අවස්ථාවේ නැවත එම සහනය කප්පාදු කර ඇත. විශේෂයෙන් ඇතැම් ගර්භණි කාන්තාවන් සෞඛ්‍ය හේතු මත එන්නත පවා ලබාගෙන නැත.
06. මේ පිළිබ`දව ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කොට ගර්භණි කාන්තාවන්ට සහ කිරිදෙන මව්වරුන්ට සහනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු. මෙම සහනය ලබාදීමේ දී අභ්‍යාසලාභිනියන්, අනියම්, ආදේශක හා කොන්ත‍්‍රාත් සේවිකාවන් ගැන ද අවධානය යොමු කරන මෙ වැඩිදුරටත් ඉල්ලමු.
ස්තූතියි.

මෙයට,

ධම්මික මුණසිංහ - 071 4 176 030
ලේකම්
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය

පිටපත්
ලේකම් - ජනාධිපති ලේකම් කාර්යාලය
ලේකම් - අගමැති ලේකම් කාර්යාලය
අමාත්‍ය - රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
සියලූම මාධ්‍ය ආයතන