මෙක්සිකෝව, ඉන්දුනීසියාව, කොරියාව, තුර්කිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වලින් සැදුම්ලත් මික්ටා “MIKTA” සංවිධානය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ බහුපාර්ශවීය හමුවක් කොළඹ, හෝර්ටන් පෙදෙස පිහිටි ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති නිල නිවසේ දී (17) දින පැවැත්විණි.
ලෝකය මුහුණ දෙන මූලික ගැටලු සාකච්ඡා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටීමට මික්ටා “MIKTA”සංවිධානය පිහිටුවා ගෙන ඇති අතර මෙවර ගෝලීය වශයෙන් මුහුණ දෙන සෞඛ්‍ය තත්ත්වයන් හා එහි ගැටලු පිළිබඳව මේ තුළ සාකච්ඡා කෙරේ.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Santhush Woonjin JEONG) මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ගස්ටිනා ටෝබිං ( Dewi Gustina Tobing),ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති දිමෙත් සිකර්සෝග්ලු (Demet Sekercioglu),ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් (Paul Stephens) ශ්‍රී ලංකාවේ මෙක්සිකානු කොන්සල් ජනරාල් මොහාන් පණ්ඩිතගේ යන මහත්වරුන්ද, එම රටවල නියෝජිතයින් පිරිසක් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.