රෝහල් පරීක්ෂණ වියදම් අඩුකරන හැටි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඇමතිට පෙන්වා දෙයි

රෝහල් පරීක්ෂණ වියදම් අඩුකරන හැටි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඇමතිට පෙන්වා දෙයි

රසායනාගාර පරීක්ෂණ සදහා ප්‍රතික්‍රීයක සැපයුම අඩාල වීම සහ ප්‍රතික්‍රීයක බිල අඩු කර ගැනීම සදහා පවතින විකල්ප මගහැරීම අවධානය යොමු කරමින්, අත්‍යවශ්‍ය පරිපාලන මැදිහත්වීම ලබා දෙන ලෙසත්, ඉල්ලන ප්‍රමාණයට මුදල් ලබා දීම හෝ පරීක්ෂණ නතර කිරීමට එහා ගිය පරිපාලන භාවිතාවක් මගින් ප්‍රතික්‍රීයක බිල පමණක් සිව් ගුණයකින් අඩු කල හැකි බව පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, රසායනාගාර පරීක්ෂණ සදහා අත්‍යවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයුම අඩාල වීම හේතුවෙන් බොහෝ රෝහල් වල සාමාන්‍ය රසායනාගාර පරික්ෂණ පවා සිදු කිරීමට නොහැකි තත්වයක් මතු වී ඇත. කාලාන්තරයක් තිස්සේ වර්ධනය වෙමින් පවතින මෙම අර්බුධයට විසදුම් ලෙස පහත ක්‍රියාමාර්ග අප යෝජනා කලද, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අයතන බලධාරීන්  ඒ පිළිබදව නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම අර්බුධකාරී තත්වය වලක්වා ගැනීමට තිබූ අවස්ථාවන් නොසලකා හැර ඇත.

  1. අනුමත සමාගම් අතුරින්, ඒකක පරීක්ෂණ මිල අවම ප්‍රතික්‍රීයක වර්ගය පමණක් මිලදී ගැනීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදි ගනු ලැබූ යන්ත්‍ර සදහා ඕනෑම ප්‍රතික්‍රීයකයක් භාවිතා කිරීමට අවශ්‍ය ඉඩ සලසා ගැනීම
  2. ඉන්දියන් ණය ආධාර යටතේ ගුණාත්මක බවින් ඉහල ප්‍රතික්‍රීයක, ඩොලර් අර්බුධයට විකල්ප ලෙස අඩුම මිලකට මිලදී ගත හැකි බැවින් ඒ සදහා අවශ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම හා දැනට ඉල්ලුම් ප්‍රතික්‍රීයක ගෙන්වා ගැනීමට අදාල බාධාවන් ඉවත් කිරීම.
  3. පරිත්‍යාග ලෙස යන්ත්‍ර ලබා දෙමින්, වැඩිමිල. ප්‍රතික්‍රීයක මිලදී ගැනීම අනිවාර්‍ය කරවීම වැලැක්වීම සහ නව යන්ත්‍ර ගෙන්වීම හැකිතාක් පාළණය කිරීම.
  4. අනවශ්‍ය ලෙස පරීක්ෂණ ඉල්ලුම් කිරීම පාළණය කිරීම.

කෙසේ නමුත් මෙම අර්බුධය විසදීම සදහා අවම තරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාසායනාගාර අංශය පාර්ශවකරුවන්ගේ සාකච්ඡාවක් පවා මෙතෙක් කැදවා නොමැති අතර, එම අංශයේ කළමනාකරණය නොහැකියාව සහ නිසි තීරණ නොගැනීම, මෙම තත්වයට සෘජු ලෙසම වගකිව යුතුය.

එබැවින් මේ පිළිබදව නිසි අවධානය යොමු කරමින්, අත්‍යවශ්‍ය පරිපාලන මැදිහත්වීම ලබා දෙන ලෙසත්, ඉල්ලන ප්‍රමාණයට මුදල් ලබා දීම හෝ පරීක්ෂණ නතර කිරීමට එහා ගිය පරිපාලන භාවිතාවක් මගින් ප්‍රතික්‍රීයක බිල පමණක් සිව් ගුණයකින් අඩු කල හැකි බව ඉතා විශ්වාසයෙන් යුතුව පෙන්වා දෙමු.