රාජ්‍ය සේවයේ තවත් පුරප්පාඩු පිරවීමට යයි

රාජ්‍ය සේවයේ තවත් පුරප්පාඩු පිරවීමට යයි
විදේශ සේවයේ පුරප්පාඩු 40ක් සඳහා නව බඳවාගැනීම් සිදුකරන බව  විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.
 
අමාත්‍යවරයා විසින් මේ බව අනාවරණය කර ඇත්තේ පසුගිය දා පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.
 
ඒ අනුව 2018 වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදුකර නොමැති බවත්, එබැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ජුලි මාසය වනවිට විදේශ සේවයට 40 දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා විසින් පවසා ඇත.
 
සිය සේවාවන් සිදු කරගැනීමට විදේශ තානාපති කාර්යාලවලට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට බොහෝ වෙලාවක් දිගු පෝලිම්වල සිටීමට සිදුවීම ගැන ලද පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.