රටම NMRA ගැන හොයන අතරේ, ලහි ලහියේ බොරදියේ මාළු බාන ඖෂධ සංස්ථාව

රටම NMRA ගැන හොයන අතරේ, ලහි ලහියේ බොරදියේ මාළු බාන ඖෂධ සංස්ථාව

රසායනාගාර සේවා සාමාන්‍යාධිකාරි තනතුරට ගණකාධිකාරීව පත් කරලා, අමුතුම ජාවාරමකට අර අඳින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේස් මහතා මාධ්‍ය හමුවකදී පවසා සිටියා.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රසායනාගාර සේවා වෙනුවෙන් ප්‍රාමාණික දැනුවත් බවක් ඇති වෘත්තීයවේදීන් ඕනෑ තරම් සිටියදි , ඖෂධ සංස්ථාවේ රසායනාගාර සහ තාක්ෂණික සේවා සාමාන්‍යාධිකාරි තනතුර සඳහා ඒ පිළිඳව කිසිදු දැණුමක් නැති අයෙකු පත් කිරීම ඖෂධ සංස්ථාව හදිසියේම කටයුතු කර ඇත. ඖෂධ නීතිගත සංස්ථාව විසින් මුළ්‍ය පාළණය සදහා සුදුසුකම් ලැබූ නිළධාරියෙකුගෙන්, රසායනාගාර සහ තාක්ෂණික  සේවා සඳහා උපදෙස් ගෙන පිටපාරේ තීරණ ගැනීමට උත්සාහ ගනිමින් සිටිනුයේ,  වැරදි තාක්ෂණ ඇගයුම් කමිටුවක නිර්දේශ  හේතුවෙන් හොර ඉමියුනෝග්ලොබියුලින් ගණු දෙණුවේ අගමුල සොයා ගැනීමට පවා නොහැකිව තිබෙන මොහොතකයි. මෙහි ඇති වඩාත්ම උභතෝකෝටික ගැටළුව වන්නේ ඖෂධ සංස්ථාව විසින් මෙම පත්කිරීම සඳහා එම ආයතනයේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මුල්‍ය තනතුරේ රාජකාරී කල නිළධාරිණියව ස්ථානමාරු කිරීමයි. මුල්‍ය පාලනය සඳහා සුදුසුකම් ලැබු නිළධාරිනියක් රසායනාගාර සේවා සඳහා යොදවමින්, මුල්‍ය අංශය සඳහා ඊට නුසුදුසු අයෙකු පත් කිරීම හරහා අවිධිමත් සහ අක්‍රමික ගණුදෙණු සඳහා පාර කපා ගැනීමට ඖෂධ සංස්ථාවේ කිසියම් අදිසි හස්තයක් විසින් උපායමාර්ගිකව කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිළියි. ඒ නිසාම, සියල්ල නිවැරදි කිරීම සඳහා පත්වූ නව සෞඛ්‍ය අමාත්‍ය වරයාගේ අනුමැතිය මෙවැනි තීරණ සඳහා ලබාගෙන තිබෙන්නේද යන්න පිළිබඳව අප ඉතා සැල කිල්ලෙන් බලා සිටිමු.  ඖෂධ සංස්ථාවේ සභාපති තනතුර මෑත කාලයේ වෙනස් කලද, ඊට පහලින් සිටින ජාවාරම්කාර නිළධාරීන්ගේ ක්‍රියාකලාපය පාළණය කිරීම වෙණුවට, සභාපතිවරයා තවදුරටත් ඔවුනගේ රූකඩයක් සේ කටයුතු කරන්නේනම් ඒ පිළිබඳවද සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානය යොමු විය යුතුයි.