PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කර ගැනීමට තිබූ අවථාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් හිතාමතාම මග හැරියා

PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කර ගැනීමට තිබූ අවථාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිළධාරීන් හිතාමතාම මග හැරියා

කොවිඩ් පළමු රැල්ල අවසන් වූ මොහොතේ කොවිඩ් අහවර වූ බව හගවමින් කටයුතු කල නිළධාරීන් හේතුවෙන් PCR ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාවන් සියල්ල අහිමිවූ බවත්, තවදුරත් රටේ සියළුම රාසායනාගාර PCR පරීක්ෂණ සිදු කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයකට බවත්, එක පරීක්ෂණයක ප්‍රතිඵල ලබා ගැනීමට පැය අටක් පමණ කාළයක් බලා සිටීමට තම වෘත්තිකයිට සිදු වී ඇති බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.

තම සංගමය යෝජනා කල පරිදි නිවැරදි තාක්ෂණය ලබා දුන්නේනම් පැයකදී PCR පරීක්ෂණ 90කට වඩා කල හැකිව තිබූ බවද, එවැනි යනත්‍ර ස්ථාපිතව තිබුණේනම් 50000 PCR ධාරිතාවක් වුවද දිනක් තුල සිදු කල හැකිව තිබූ බව ඒ මහතා පෙන්වා දෙයි.

මෙම උපකරණ මිලදී ගැනීම සදහා පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 130ක් ලෝක බැංකුව මගින් ලබා දීමට නියමිතව තිබූ බවත්, එය ජූලි මාසය වන විට බිලියන 180 දක්වා එම ආධාරය වැඩි කර ගැනීමට හැකිව තිබූ බවත්, කොවිඩි ඉවර බව පවසා එම ආධාර භාවිතයට නොගත් බවත් එම සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියක සදහන් වේ. ඒ අනූව “කොවිඩ් සදහා රෝහල් පද්ධතිය සූදානම් කර තැබීමේ” ලොක බැංකු ආධාරය නිසි පරිදි භාවිත කිරීම අතපසු කරන ලද්දේ, යුනිසෙෆ් ආයතනය මගින් අදාල උපකරණ මිලදී ගැනීම ප්‍රසම්පාදය කිරීම තීරණය කිරීම හරහා ඇතැම් දූෂිත නිළධාරීන්ට කොමීස් මුදල් ලබා ගැනීමේ අපහසුව නිසායැයි තම සංගමය සැක පල කරන බවද අදාල ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

කෙසේ නමුත් ඒ හේතුවෙන් නිවැරදි තාක්ෂණය තම වෘත්තිකයින්ට නොලැබී ඇති බවත්, හිතාමතා ඇති කරවනලද එම ගැටළු දඩමීමා කර ගනිමින් PCR පරීක්ෂණ ක්‍රියාවලිය ව්‍යාකුල කරදමමින්, තම තමන්ට පෞද්ගලිකව වාසි වෙනත් විකල්ප වලට රට යොමු කර ගැනීමට රසායනාගාර සේවාට වගකිවයුතු පරිපාළකයන් විසින් උත්සාහ දැරීම භයානක තත්වයක් බව අවධාරණය වේ

PCR ධාරිතාව වැඩි කිරීම සදහා වැඩිම මුදලක් වැයකර ඉදිකල මුල්ලෙරියාව රසායනාගාර මගින් අපේක්ෂිත ධාරිතාව නොලැබෙන බවත්, එය ඉදි කිරීමේදී නිවැදි තාක්ෂණක උපදෙස් ලබා නොගැනීම සහ අවම තරමින් එවකට සිටි රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පවා දැනුවත් නොකරමින් ඉදිකර ඇති මෙම රසායනාගාරයේ සුළු කර්මික දෝෂයක් පවා නිරාකරණය කර ගැනීමට, ඊට මේ මොහොතේ වගකීමක් නොදරන චීන සමාගමක් මත යැපීමට සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් රසායනාගාරයේ නිසි ප්‍රයෝජනය රටට අහිමිව ඇති බවත් පෙන්වා දී ඇත.

රවී කුමුදේස්

වැඩබිම