හෙද නිලධාරීන් PCR - RAT නිදර්ශක ගැනීමෙන් ඉවත් වෙයි

හෙද නිලධාරීන් PCR - RAT නිදර්ශක ගැනීමෙන් ඉවත් වෙයි

පීසීආර් හා රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණ (RAT) පරීක්ෂණ වලට නිදර්ශක ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් හෙද නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බව රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කරයි.

හෙද සේවාවේ පහත ගැටලු වලට විසඳීම් නොලැබීම මීට හේතුන් ලෙස ඔහු සඳහන් කරයි.

  1. කොවිච් - 19 මර්ධනයට අදාල N - 95 මුව වැසුම් සහ අනිකුත් පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබානොදීම.
  2. විශේෂ නිවාඩු ලබාදෙන චක්‍රලේඛය නිකුත් නොකිරීම.
  3. සේවාවට පැමිණෙන හෙද නිලධාරින්ට ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබානොදීම.
  4. රජය විසින් ප්‍රකාශයට පත් කරන නිවාඩු දින සඳහා නිවාඩු දින දීමනා නොගෙවීම.
  5. ගර්භනී හෙද නිලධාරිනියන්හට විශේෂ පහසුකම් ලබාදිය යුතු චක්‍රලේඛය නිකුත් නොකිරීම.
  6. කෝවිඩ් - 19 මර්ධන ක්‍රියාවලියට අදාල පහසුකම් ලබාගැනීම සහ එයින් ආරක්ෂාවීම සඳහා පෞද්ගලිකව දරාගැනීමට සිදුවී ඇති වියදම් පියවාගැනීම සඳහා ප්‍රමාණවත් දීමනාවක් ලබානොදීම.
  7. හෙද කාර්යය මණ්ඩලයේ 4000 ක් පමණ වන ප්‍රමාණයකට සහ පවුල්වල අයට එන්නත් ලබානොදීම හා හෙද නිලධාරින්ට වෙරසය ආසාදනය වූ විට ප්‍රතිකාර ලබාගැනීමට ඇති පහසුකම් ප්‍රමාණවත් ලෙස ලබානොදීම.

මෙම ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ දිගින් දිගටම සාකච්ඡා කලද මෙතෙක් විසදුම් නොලද බවත් ඒ හේතුවෙන් 2021-05-25 දින පෙ.ව. 7.00 සිට PCR පරික්ෂණ සහ RAT (Rapid Antigen Test) පරික්ෂණ සඳහා නිදර්ශක ලබාගැනිමේ ක්‍රියාවලියෙන් සමස්ත හෙද නිලධාරින් ඉවත් වන බව තම සංගමය මගින් සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දුන් බවත් ඒ මහතා වැඩිදුරටත් මාධ්‍යට පවසා තිබේ.

(sri lanka mirror)