‘පළාත් අතර හෝ දැඩි සංවරණ සීමා ඕනෑ’ – PHI සංගමය

‘පළාත් අතර හෝ දැඩි සංවරණ සීමා ඕනෑ’ – PHI සංගමය

ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී 8% සිට 25% දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා වන තත්ත්වය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර උපරිම සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට රජය වහාම පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා කියා සිටියේ පළාත් අතර හෝ උපරිම සංවරණ සීමා පැනවීමට රජය කඩිනමින් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත් වනු ඇති බවයි.