ග්‍රාම නිලධාරින් වර්ජනය ආරම්භ කරන විට PHI වර්ජනය අත්හරති

ග්‍රාම නිලධාරින් වර්ජනය ආරම්භ කරන විට PHI වර්ජනය අත්හරති

සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටු වූ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට ලබා දීමට තිබූ කොවිඩ් එන්නත් දෙවැනි මාත්‍රාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොල්ලකා ඇති බවද මෙහිදී උපුල් රෝහණ මහතා චෝදනා කළේය.

ග්‍රාමනිළධාරීන් අද සිට අඛණ්ඩ වැඩ

දිවයිනපුරා සියලු ග්‍රාමනිළධාරින් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරින්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කරයි.

ඒ කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියේදී ප්‍රමුඛතාවය දියයුතු පිරිස් මගහැර බාහිර පාර්ෂව වෙත එන්නත ලබාදෙන බවට චෝදනා කරමිනි.

ග්‍රාම නිළධාරින් ඇතුලු මහජනතාව සමග සමීපව කටයුතු කරන සමෘද්ධි නිළධාරින්, කෘෂිකර්ම නිළධාරින් වැනි රජයේ නිළධාරින්ට කොවිඩ් මර්දන එන්නත ලබාදෙනතෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(sri lanka mirror)