අවිධිමත් අංශයේ කම්කරුවන් ගැටළු කියන්න කම්කරු ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

අවිධිමත් අංශයේ කම්කරුවන් ගැටළු කියන්න කම්කරු ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

අවිධිමත් අංශයේ කම්කරුවන්ගේ ගැටළු පිළිබඳව සාකච්චා කිරීමට  කම්කරු අමාත්‍යවරයා සමග සාකච්චාවක් අවශ්‍යයි. - හැටන් ගෘහස්ථ සේවක කම්කරුවන්

ගෘහ සේවකයන් සහ අවිධිමත් අංශයේ කම්කරුවන් ගේ ගැටළු පිළිබඳව සඳහන්  පුවරු ප්‍රදර්ශනය කරමින් සංකේත විරෝධතාවයක් අද (25) හැටන් බස් නැවතුම්පොළේදී පැවැත්වුණා. වර්ෂාව මධ්‍යයේ පැවැත්වුණු මෙම විරෝධතාවේ පුවරු මගින් කොරෝනා වසනගතය අතරතුර  අවිධිමත් අංශයේ කම්කරුවන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටළු පිළිබඳව ඔවුන් ඉදිරිපත් කළ අතර ගෘහ සේවකයන්ගේ ගැටළු පිළිබඳව සාකච්චා කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයා සමග සාකච්චා කිරීමට අවශ්‍ය බව ඔවුන් සඳහන් කළා. කම්කරුවන් ලෙස ජීවිතකාලය පුරාවටම තමන්ට මුහුණ දීමට සිදුව තිබෙන ගැටළු වසනගතය හේතුවෙන් සිය දහස් ගුණයකින් වැඩි වී ඇති බව මොවුන් පවසයි.

අද දින සංචරණ සීමා ඉවත් කළද, මාස ගණනක් තිස්සේ තම රැකියාවන් සිදු කිරීමට නොහැකි වූ නිසා  වෙළඳ පොළට ගොස් බඩු  මිලදී ගැනීම සඳහා ඔවුන් සතුව මුදල් නොමැති බව වැඩිදුරටත් සඳහන් කළා. මෙහිදී එක කම්කරුවෙකු ප්‍රකාශ කළේ “ අපට සිද්ද වෙන්න පුළුවන් දෙකයි.. එක්කෝ  කොරෝන හැදිලා මැරෙයි  .... නැත්නම් බඩගින්නේ මැරෙයි . මේ පිළිබඳව අවධානය යොමුකර රටේ පාලකයන් විසින් අවිධිමත් අංශයේ වැඩකරන මිනිස්සු වෙනුවෙන් සහන වැඩපිළිවෙලක් සකස් කර දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටී.