'කුස්සියේ විලාපය' නැවත කොහුවලින් අරඹයි (photo)

'කුස්සියේ විලාපය' නැවත කොහුවලින් අරඹයි (photo)

එදිනෙදා ජීවත්වීමට දරාගත නොහැකි ජීවන බරට එරෙහිව පසුගියදා පස්වරුවේ කොහුවල නගරයේදී ජනතාව එක්රැස්ව විරෝධතාවක නිරත විය.

‘කුස්සියේ විලාපය’ ලෙස නම්කර තිබූ එම විරෝධතාවට කාන්තාවන්" ළමුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් මුළුතැන් ගෙයි භාජනවලට තට්ටු කරමින් තම විරෝධය පළ කරනු දැකගත හැකි විය.

වර්තමානයේ උද්ගත ව ඇති ආර්ථික අර්බුදයට වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ සමස්ත රාජපක්ෂ පාලනයට ම ඉල්ලා අස්වන ලෙස බල කරමින්, මහජන සහභාගීත්වයෙන් කොහුවල මංසන්ධියේ ආරම්භ වූ මෙම විරෝධතාවය ඇදහැලුනු වර්ෂාවද නොතකමින් පැය ගණනාවක් අඛණ්ඩව ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

අධික වැසි නොතකා මෙම උද්ඝෝෂණය පැවැත්වීම විශේෂත්වයකි.

286497688 562994501856839 1741302821079590798 n

286180891 562994528523503 5957238331933676535 n

286591706 562994751856814 8335912485496546117 n

ඡායාරූප ස්තුතිය - තිළිණ කළුතොටගේ / විශේෂ ස්තුතිය - ද ලීඩර්