ජනරජ සෞඛ්‍ය සමිතියේ උතුරු පළාත් සංවත්සරය පවත්වයි (Photo)

wad-wimalarathna

ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ 2023 වසරේ උතුරු පළාත්  සමුළුව 2023/03/11 දින වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථාන රංග ශාලාවේදී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනි.

උතුරු පළාත නියෝජනය කරමින් හයසියයකට අධික සාමාජික සහභාගිත්වයෙන් පැවැත්වූ එම උත්සවයේ  සාමාජික සාමාජිකාවන්ගේ රැගුම් ගැයුම් වලින් රසවත්වූ අතර ජනරජ සෞඛ්‍ය සේවා සංගමයටත් ඊට අනුබද්ධිත බොට්හවුස් (සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමුපකාර සකසුරුවම්කම සහ ණය ගණුදෙනු සමූපකාර සමිතිය) සමිතියටත්  අමිල මෙහෙයක් කල ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිත්වය මෙන්ම බෝට් හවුස් සමිතියේ ලේකම් දුරය හොබවන එහි හිටපු සභාපතිවරයෙකු වූ ඩබ්. ඒ. ඩී. විමලරත්න මහතා, සංගමයේ ලේකම් දුරය හොබවන බොට්හවුස් සමිතියේ හිටපු සභාපතිවරයෙකු වූ ඊ. පාලිත මහතා ප්‍රමුක නායකයින් රැසක් උපහාරයෙන් හා සම්මානයෙන් පිදුම් ලැබුහ.

එහිදී  බොට්හවුස් සමිතියේ සේවය කරමින් උතුරුපලාත් සාමාජිකයින්ට පහසුකම් හා සේවා සැපයීමේදී කල මෙහෙවර අගයමින් එම සමිතියේ අභ්‍යන්තර විගණක ඒ. පී. ඩී. අසිත මහතා මහතා, අධ්‍යාපනය  හා පුහුණුකිරීම් නිලධාරිනි ඩයනා හර්ෂනී මහත්මිය ඇතුළු සේවක මහත්ම මහත්මීන් පිරිසක්ද උපහාරයෙන් පිදුම් ලදහ.